රනිල් අගමැති කරන්න තරං මොළේ අමාරුවක් අපිට නෑ – පොහොට්ටුව

0
1114

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත්කර ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් වන බවට පැතිර යන කටකතා සම්පූර්ණයෙන් අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

පොදුජන පෙරමුණු කාර්යාලයේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා මේ බව සඳහන් කළේය.

අගමැති තනතුර සඳහා සුදුසුම පුද්ගලයා මේ වනවිට එම තනතුරට පත්කර ඇති බවත්, ඔහුට වඩා සුදුසු කිසිවෙකුත් නොමැති බවත් පොහොට්ටු ලේකම්වරයා පවසනවා.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ජාතික ආණ්ඩු ගොඩනැගීමට තරම් පක්ෂයට බංකොලොත් වී නොමැති බවයි. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී අසුනක් දිනා ගැනීමට හෝ නොහැකි තත්වයට පත්ව ඇති එක්සත් ජාතික පක්ෂයේ නායකයා අගමැති තනතුරට පත් කිරීමට තරම් මොළේ අමාරුවක් තම පක්ෂයේ කිසිදු පුද්ගලයෙකුට හෝ තිබෙනවා යැයි තමා විස්වාස නොකරන බවද ඇමතිවරයා ප්‍රකාශ කරනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here