*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

ජාත්‍යන්තර ණය හිමියන් ඉදිරිපත් කරලා තියෙන යෝජනාව අතිශයින් භයානකයි. ඒකට නම් අත්සන් කරන්න එපා ! – හර්ෂ රජයට කියයි

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ජාත්‍යන්තර ණය හිමියන් ඉදිරිපත් කර ඇති යෝජනාව ඉතාම භයානක බවත් එයට නම් කිසිසේත්ම අත්සන් නොතබන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

“ඒගොල්ලො ඉදිරිපත් කරලා තියෙන යෝජනාව අතිශයින් ලංකාවට භයානකයි. ඒකට එකඟ වෙන්නම බෑ. මම සමගි ජන බලවේගයේ ආර්ථික කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙක් හැටියට මම කියනවා, කරුණාකරලා ජාත්‍යන්තර ණය හිමියො තේරුම් ගන්න, මේක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඕගොල්ලො ඉල්ලන දේ අපි දෙන්න සූදානම් නෑ. මම කියන්නම් ඇත්ත කතාව – ඕකෙ ගාණ හදලා බැලුවොත් එහෙම – අපේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 96.3 ට වඩා වැඩිවුණෝතින් 2027 වෙනකොට ඔය කියන මුහුණත අගය කපාහැරීම, හෙයාකට් එක – අපිට කියන්නෙ ජනාධිපතිවරයා 28%ක් වෙනවා කියලා – ඇත්ත කතාව ඒක 7.3% ට අඩුවෙන්න ඉඩ තියෙනවා. 70% කට වඩා ප්‍රතිශතයක් තියෙනවා ඒ දේ වෙන්න.

හැබැයි ඊයෙ පෙරේදා නිකුත් වෙලා තියෙනවා IMF එකේ Article 4 රිපෝට් එක. මම ඒක කියෙව්වා. ඒ රිපෝට් එකට අනුව – මේ පළවෙනි පාර මං මේ කතාව කියන්නෙ, වෙන කවුරුත් කියලාත් නෑ – 2027 වෙනකොට ඔවුන් උපකල්පනය කරලා තියෙනවා අපේ රටේ දළ දේශීය නිෂ්පාදනය මේ අවුරුද්දේ සියයට 2.1 යි, 3.0, 3.1 යි වගේ ඉතාමත්ම අඩු අගයකට වර්ධනය වෙලාත් රුපියල් ට්‍රිලියන 40ක් කියලා. රුපියල් ට්‍රිලියන 40 කියන එක අපි බැලුවොත් එහෙම අද තියෙන විනිමය අනුපාතය අවුරුද්දකට 5% කින් අවප්‍රමාණය වුණොතින් එහෙම ඇමරිකන් ඩොලර්වලින් බිලියන 109 යි. රුපියල 7% කින් අවප්‍රමාණය වුණොත් මේ අවුරුද්දේ ඉඳලා හැම අවුරුද්දෙම 2027 වෙනකොට ඇමරිකන් ඩොලර් බිලියන 103 යි. 10% කින් අවප්‍රමාණය වුණෝතින් ඇමරිකන් ඩොලර් බිලියන 96 යි. මේ විකල්ප තුනෙන්ම ඔවුන් අපේක්ෂා කරන ආකාරයට ඩොලර් බිලියන 96 ට වඩා අපේ දළ දේශීය නිෂ්පාදනය වැඩිවෙනවා. එහෙම වැඩි වුණෝතින් ඇත්තටම අපට ලැබෙන මුහුණත අගය කපාහැරීම 28% ඉඳන් 7.3% ට අඩුවෙනවා. ඒක මහා ලොකු දෙයක් නෙවෙයිද ? එතකොට කෝ එතන සාධාරණත්වයක් ?

මම නැවත නැවතත් කියනවා සමගි ජන බලවේගය මේකට විරුද්ධයි. ඉතින් ඒ නිසා ඕක අත්සන් කරන්න එපා. මොකද ඊළඟට තව මාස 4කින් එන්නෙ අපේ ආණ්ඩුවක්. මම දැඩිවම කියන්නෙ මේක නොකළ යුතු දෙයක්. හැබැයි ඒත් එක්කම කියන්න ඕනෙ රජය ඉදිරිපත් කරලා තියෙනවා විකල්පයක්. ඒ විකල්පයට එකඟ වෙන්න පුළුවන් නම් 28% කට මේ කපාහැරීම තියාගන්න එකට මං හිතන්නෙ 50% – 60% ක විතර චාන්ස් එකක් තියෙනවා. නමුත් ණය හිමියන් ඉදිරිපත් කරලා තියෙන දේ පිළිගන්න බෑ”

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ පෙරේදා (21) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan