*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

MAS,2028 දක්වා ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා සමඟ ඔලිම්පික් යන්නට එකඟයි

සටහන – නිශ්මං රණසිංහ
ජූනි 23, (LNW) කොළඹ : ලොව ක්‍රීඩා ඇගළුම් නිෂ්පාදන කේෂ්ත්‍රයේ ප්‍රබල සන්නාමයක් වන MAS නාමය යටතේ MAS Holdings හි අනුබද්ධිත Bodyline (Pvt.) Ltd, 2024 වසරේ සිට 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල දක්වා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ (SLAA) නිල ඇඳුම් සහකරු ලෙස කටයුතු ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් වී ඇත. බොහෝ විට මේ වන විට පවතින තත්ත්වය යටතේ MAS සළකුණත් ශ්‍රී ලංකා ධජයත් සමඟ පැරිස් ඔලිම්පික් පිටියේ පෙනී සිටින්නට තරුශි කරුණාරත්නට සහ නදීශා දිල්හානි ලේකම්ගේට අවස්ථාව ලැබෙනු ඇතැයි සිතිය හැකිය. MAS ඇගළුම් සහ ශ්‍රි ලංකා මලල ක්‍රීඩා සංගමය සම්බන්ධ මෙම එකඟතාවට අත්සන් තබන මොහොතේ ද,එහි හිමිකාරිණියක් වීමට ඉදරියෙන්ම සිටින නදීශා දිල්හානි ලේකම්ගේ එහි පෙනී සිටියාය.

බොඩිලයින් ප්‍රධාන විධායක නිලධාරී දිනේෂ් ද සිල්වා මහතා විසින් MAS විසින් නිර්මාණය කරන ලද මලල ක්‍රීඩා කට්ටල SLAA හි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලද්දේ 2024 ජුනි 20 වැනි දින ශ්‍රී ලංකා ඔලිම්පික් නිවසේ හේමසිරි ප්‍රනාන්දු ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදීය.

මෙහිදි ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමය වෙනුවෙන් අදහස් දැක් වූ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු පවසා සිටියේ,ඔලිම්පික් ජයග්‍රහණය සඳහා විශාල කැපවීමක් සහ දැඩි පුහුණුවක් අවශ්‍යය වන ආකාරයටම අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ පුහුණු කාලය පුරාවටම නිවැරැදි දක්‍ෂතා සඳහා යාමට ගුණාත්මක ක්‍රීඩා ඇඳුමක් තිබීම ද ඉතා වැදගත් බවය. ඒ නිසා MAS Holdings විසින් පිරිනමනු ලබන දීර්ඝ කාලීන අතදීම ද අපගේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සැබෑ දිරිගැන්වීමක් වෙනු ඇති බව ඔහු පැවසීය.

MAS හෝල්ඩිංග්ස් නිෂ්පාදන පරිවර්තන නිලධාරී ඩිල්ෂාන් මොහොමඩ් මහතා පැවසුවේ “ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෝලීය තලයේ අප විසින් සාදන ලද ඇඳුම්වලින් පුහුණුවීම්වල යෙදෙමින් සහ තරගවලදී දස්කම් දක්වමින් දිදුලන ආකාරය දැකීම විශිෂ්ට බවත් ඔවුන් වාර්තා බිඳ දමමින් පදක්කම් ගෙන ඒම MAS හි අපට ලැබෙන ලොකුම ත්‍යාගය බවත්ය.
මෙහිදී මොහොමඩ් ඩිල්ෂාන්ගේ පැහැදිළි කිරීම්වලට අනුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරග පිිටියේ දී ඇඟ උණුසුම් කිරිමේ ව්‍යායාමවල සිට,ක්‍රිඩා කිරීම දක්වාත්,ජය සංඛේත ප්‍රදානය දක්වාත් පෙනී සිටීම සඳහා අවශ්‍ය ඇඳුම් කට්ටල සඳහා MAS සහය ලැබෙනු ඇත.

“ලෝකයේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා සන්නාමයන් සඳහා කාර්ය සාධන ඇඳුම් නිෂ්පාදකයෙකු ලෙස පිළිගැනෙන MAS සතුව ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස් තත්ත්වයේ ඇඳුම් ලබාදීමේ තාක්‍ෂණය, හැකියාව සහ ප්‍රවීණත්වය ඇති බව, Bodyline Pvt Ltd හි ප්‍රධාන විධායක නිලධාරී දිනේෂ් ද පැවසීය. ඔහු පෙන්වා දුන්නේ මෙම අනුග්‍රහය සිඳුවන්නේ Bodyline හි ‘Runner to Runner’ වැඩසටහනේ කොටසක් ලෙස බවය.

වසර දහයක් දක්වා දීර්ඝ කළ හැකි ගිවිසුමට SLAA සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ Bodyline (Pvt) Ltd හි ප්‍රධාන විධායක නිලධාරී දිනේෂ් ද සිල්වා විසින් MAS Holdings හි අධ්‍යක්ෂ – ආයතනික කටයුතු සහ සමූහ නීති, රාජිත ජයසූරිය සහ ඉදිරියේ අත්සන් කරන ලදී.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan