‘ආරංචිය සුබයි’ කියන්නේ ජනපති රනිල් කරන්න යන විශේෂ ප්‍රකාශය ගැනද?

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 24, කොළඹ (LNW):

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙන අතර, ජුනි මස 28 වනදා රාත්‍රී 8.00ට පමණ එම විශේෂ ප්‍රකාශය සිදු කරනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල සඳහන් කළේය.

එහි දී ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණ සම්බන්ධයෙන් අදහස් පළ කෙරෙනු ඇති බව සඳහන් වේ.

මේ අතර කොළඹ නගරය පුරා ආරංචිය සුබයි’ යනුවෙන් සඳහන් දැන්වීම අලවා ඇති බවත්, ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදීම ලබන 27 වනදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙන හෙයින්, මෙම අදාළ දැන්වීම් ඒ සඳහා අලවා ඇති බවට දේශපාලන විචාරකයින් ප්‍රකාශ කරයි.

ද්වීපාර්ශ්වික ණය හිමියන් සහ පෞද්ගලික බැදුම්කර හිමියන් සමඟ දෙවන වටයේ සාකච්ඡා අවසානයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මේ වනවිට එකඟතා ඇති කරගෙන තිබෙන අතර, ඒ අනුව ශ්‍රී ලංකා රජය පැරිස් ක්ලබ් ඔෆ් නේෂන්ස් හි නිල ණය හිමියන්ගේ කමිටුව සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ඇති බව සඳහන්වේ.

චීනයේ අපනයන ආනයන බැංකුව සහ ඇඩ් හොක් පෞද්ගලික බැදුම්කර හිමියන්ගේ කණ්ඩායම සමග ද ලබන 26 වන බදාදා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව ද රජයේ ආරංචි මාර්ග සඳහන් කළ අතර, 2022 වසරේ අප්‍රේල් 12 වන දින ශ්‍රී ලංකාව නිල වශයෙන් බංකොලොත්භාවට පත්ව ඇති බවට නිවේදනය කෙරිණි.

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවයට සහායවීම සඳහා අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග අඛණ්ඩව කටයුතු කිරීමට ඉන්දියාව හා චීනය කැමැත්ත පළකර ඇති තිබෙන බවද සඳහන් වන අතර, ද්වීපාර්ශ්වික ණය හිමියන් සමග ගිවිසුම් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් සහතිකයක් ලබාදී ඇති බවටද තොරතුරු වාර්තා වේ.

පෞද්ගලික බාහිර ණය හිමියන්ට සහ ශ්‍රී ලංකාවට හිතකර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවක් මත මෙම එකගතාවයට එළඹී බව ද තොරතුරු සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...