ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 300 ක් ප‍්‍රදානය කරයි

Date:

  • 2024 වර්ෂය සඳහා මුළු ශිෂ්‍යත්ව වටිනාකම රු. මිලියන 30ක්

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන්  දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ලාභ ලබන රාජ්‍ය ආයතනයක් පමණක් නොව තම සමාජ වගකීම් අවබෝධ කර ගෙන තම ව්‍යාපාර මෙහෙයුම් ක‍්‍රියාත්මක වන වපසරයේ වැඩි දියුණුවට ක‍්‍රියා කරන වගකිවයුතු ආයතනයකි.

SLICC ලයිෆ් විසින් රට පුරා සිටින සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරුවන් සඳහා 2014 දී ‘ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් – සුබ පැතුම් ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කරන ලදී. මෙම ශිෂ්‍යත්ව ක‍්‍රමය මේ දක්වා රු. මිලියන 200කට  වඩා වටිනාකමකින් යුත්  ශිෂ්‍යත්ව 2000කට අධික ප‍්‍රමාණයක් ප‍්‍රදානය කර ඇත. 2022 5 වසර  ශිෂ්‍යත්වය, 2021/22 අ.පො.ස සාමාන්‍ය පෙළ සහ 2022 අ.පො.ස උසස් පෙළ විභාගවලින් විශිෂ්ට දස්කම් දැක්වූ සිසුන් 300 දෙනෙකුට මෙවර ශිෂ්‍යත්ව ක‍්‍රමය මඟින් මුල්‍යම ශිෂත්ව පිරිනැමීමට නියමිතය. විභාග තුනෙන්ම ඉහළම ශේණිගත කිරීම් මත සිසුන් 75ක් තෝරා ගත් අතර මුලූ සිසුන් සංඛ්‍යාව 300 ක් වේ. 5 ශේණිය ශිෂ්‍යත්වය සහ අ.පො.ස. සාමාන්‍ය පෙළ, දිස්ත‍්‍රික් ජයග‍්‍රහණ අනුව සුදුසුකම් ලබා ගත් අය තෝරා ගන්නා ලද අතර අ.පො.ස. උසස් පෙළ අයදුම්කරුවන් සඳහා ජාතික මට්ටමේ ජයග‍්‍රහණ මත තෝරා ගැනීම් සිදු කරන ලදී.

වසර පහක් සඳහා රු. 20,000 ක් ද, වසර දෙකක් සඳහා රු. 40,000 ක් ද, වසර තුනක් සඳහා රු. 50,000 ක් ද බැගින් පිළිවෙලින්  5 වසර  ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස උසස් පෙළ විභාගවලින් සුබ පැතුම් ශිෂ්‍යත්වය සඳහා සුදුසුකම් ලැබු  සිසුන් සඳහා ප‍්‍රදානය කෙරේ. මෙම ශිෂ්‍යත්වය සඳහා මුලූ වටිනාකම රු. මිලියන 50ක් වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් – සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය 2024 ජූනි  17 වන දින කොළඹ නෙළුම් පොකුණ – මහින්ද රාජපක්ෂ ප‍්‍රසංග කලා රඟහලේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි අධ්‍යක්ෂ මණ්ඩලය, සභාපති, ප‍්‍රධාන විධායක නිලධාරී සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව ඇතුලූ ශිෂ්‍යත්ව ලාබී සිසුන්ද සහ ඔවුන්ගේ දෙමව්පියන්ද සහභාගී විය.

වසර 60 ක විශිෂ්ටත්වය  සමරන ශ‍්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්, ජිවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ විශාලතම වත්කම් සම්භාරය වන රු. බිලියන 221 ක් සහ විශාලතම ජිවිත රක්ෂණ අරමුදල වන රු. බිලියන 180.8 කට හිමිකම් කියන අතර ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම  ජීවිත රක්ෂණ ආයතනය ලෙස තහවුරු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...