*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

රැකියාව හැර ගියත් ක්‍රීඩාව හැර නොයන, මලල ක්‍රීඩාවෙන් ජාතික වාර්තා තැබූ පාපැදි සූරිය

සටහන – නිශ්මං රණසිංහ
ජූනි 25, (LNW) කොළඹ :

මෙවර ජාතික ක්‍රීඩා උළෙලෙ පාපැදි,ඇවිදීම සහ මැරතන් තරග මහියංගණය කේන්ද්‍ර කරගෙන පවත්වා අවසන්.පාපැදි තරග රේසිං සහ ස්ටෑන්ඩර්ඩ් ලෙස වර්ග දෙකෙන්ම පැවත්වුණා.මෙහි ස්ටෑන්ඩර්ඩ් නර්ගයේ පාපැදි කාන්තා තරගය ජයගත්තෙ ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩාවෙන් සහ ඩූතලන් (Duathlon) ඉසව්වෙන් ශ්‍රී ලංකාවට දකුණු ආසියාතික රන් පදක්කම් දිනා දුන්න ක්‍රීඩිකාවයි.


එරංගා දුලක්ෂිගේ මතකය ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව එක්ක දශකයකට වඩා දුර ගමන් කරනවා.ඇය නිමාලි ලියනආරච්චි ක්‍රීඩිකාවට පසුව මීටර් 3000 බාධක දිවීමේ ජාතික වාර්තාව තමන් සතු කර ගන්න ක්‍රීඩිකාවයි.ඇයගේ ජිවිතය වර්ණවත් කරන්න මැදිහත් වූ පුහුණුකරු වූ වර්ණතිලක් අතරමඟ ජීවිතය හැර ගිය පසු එරංගා පුහුණුව සඳහා යොමු වන්නෙ නිමාලිගේ පුහුණුකරු වූ සුජිත් අබේසේකර ළඟටයි.
ඇය වර්ණතිලක් සමඟ සිටියදී වගේම සුජිත් සමඟ සිටියදී ද මීටර් 1500 සහ මීටර් 800 ත් වරෙක මීටර් 5000 වැනි ඉසව්වලටත් සිය දායකත්වය ලබා දුන්නා.ජයග්‍රහණය කළා.

විශේෂයෙන් නිලානි රත්නායක මතු වන්නට පෙර මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ දී එරංගා ජාතික වාර්තා තබමින් ඇතැම් ජාතික මට්ටමේ මලල ක්‍රීඩා ඉසව්වන් හී දක්ෂතම ක්‍රීඩිකාව හැටියට සම්මානයට පවා පාත්‍ර වෙලා තියෙනවා.
ජීවිතයේ බොහෝ අඩුලුහුඩුකම් වලින් පිරුණු තැන් ඇයට පිළිසකර කර ගන්න තිබුණු හොඳම උදව්ව වුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙ රැකියාව.ඒ ලැබුණු වැටුප මෙන්ම විවිධ අනුග්‍රහයන් යටතෙ තරග වැදුණු එරංගා මෑත කාලයෙදිත් ධාවන පථයෙ ඇයගේ නම සටහන් කරපු අවස්ථා දැකලා තිබුණා.මේ වන විට දැන ගන්නට ලැබෙන පරිදි ගුවන් හමුදා ජීවිතයට වසර 12 ක් සම්පූර්ණ කරලා ඇය විශ්‍රාම දිවියටත් පිවිසිලා.කවුරුත් නොදන්නවා වුණාට රට නියෝජනය කරපු නිමාලි ලියනආරච්චිත් මේ වන විට ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගිහිං ඉවරයි.ඔලිම්පික් නියෝජනය කරපු ක්‍රීඩිකාවට ධාවන පාවහන් අරං ගියේ නැහැ කියලා පාර්ලිමේන්තුවෙ බොරු චෝදනා කරපු,ඇයගෙ පරම්පරාවෙන් පරම්පරාවට බලපාන විදිහට ඒක හැන්සාඩ් එකට යවපු තමන්ගේ මැකිවරණ බල ප්‍රදේශයෙ ජීවත්වන නිමාලි වෙනුවෙන් අත ඇරපු මහා පචය තවමත් ඉල්ලා අස්කර ගෙන ඇයගෙ පරම්පරාව අපකීර්තියෙන් නිදහස් නොකරපු නාමල් රාජපක්ෂලා ඇයගේ විශ්‍රාමය දන්නෙත් නැතුව ඇති.


එරංගත් එහෙමයි.නිමාලිට ආසන්නයෙන් ජිවත්වෙන එවැනිම දුෂ්කර ජීවිතයක ඇලුණු ගැලුණු ඇය 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලෙ දි තුන් ප්‍රයාමය යටතෙ පැවත්වුණ ඩූතලන් නම් වූ ඉසව් දෙකේ තරගයේ දී රන් පදක්කම දිනා ගන්නවා.දිවීම,පාපැදිය පැදීම සහ යළිත් දිවීම වූ එම ඉසව්වෙ ලෝකඩ පදක්කම දිනා ගන්නෙත් ඒ වන විට ඇය පුහුණු කළ සුජිත් අබේසේකර යටතේම පුහුණුව ලැබුව තමාලි උදය කුමාරියි.
නේපාලයෙන් රැඟෙන ආ ඒ කීර්තියට වැඩි ආලෝකයක් එකතු වුණේ නැහැ.ඒවා කාලයත් එක්ක සැඟවිලා ගියා.ජිවිතයෙ පෞද්ගලික තැන්වල යම් යම් අවශ්‍යයතා වෙනුවෙන් කැපවීම් කරන්න වෙන කොට,ක්‍රීඩාවෙ තිබුණු යම් යම් ඉලක්ක මඟ හැරෙන්න පුළුවන්.එරංගාටත් ඒක පොදුයි.ඒ නිසා ක්‍රීඩාවෙ නිතර ජයග්‍රාහී පූවරු මත දකින ඒ රුව වැඩිය දකින්නට නොලැබුණත්,එරංගාට ක්‍රීඩාවෙන් හැංගෙන්න බැරි බව තමයි මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ ස්ටෑන්ඩර්ඩ් පාපැදි තරගවලින් ඔප්පු වුණේ.එරංගාගේ නහරවල දුවන ලේ කීඩාව වෙනුවෙන් කරන පෙළඹවීම ඇය ගුවන් හමුදාවෙ වෘත්තීය ජිවිතය හමාර කරලා ගෙදර ආවත්,ඇයට වෙනම පෞද්ගලික වූ ජීවිතයක් තිබුණත් ඒ සියල්ල තීරණය කරන පොදු සාධකය ක්‍රීඩාව බව ඔප්පු වෙනවා.


සමහර විට එළැඹෙන දකුණු ආසියාතික තරගාවලිය එන විට ඩූතලන් ඉසව්ව හෝ තුන් ප්‍රයාමය යළි අවශ්‍යය වෙන්න පුළුවන්.නේපාලය මේ ඉසව්ව යොදා ගන්නෙම ඔවුන්ට අනන්‍ය වූ ඉසව්වක් හැටියට ජයග්‍රහණය රන් පදක්කම් බලාපොරොත්තුවෙන් වුණත්,එරංගා ඒ නේපාල උවමනාව ශ්‍රී ලංකාවට ජයග්‍රහණය දෙමින් වෙනස් කරනවා.වසර ගණනක් ඇය ධාවන පථය මතත් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් දිනමින් සහ ජාතික වාර්තා තබමින් කළ හපන්කම් ගැන මේ රටේ දේශපාලන බලධාරීත්වය පැත්තෙන් ඇය ලැබුණ දෙයක් හැටියට අපට මතකයේ තිබෙන්නේ සජිත් ප්‍රේමදාස දෙබරවැව ඇයට නිවසක් තනා දීම පමණයි.බොහෝ දුක දරාගෙන ඉන්න නිවසට හරියට රැකවරණයට පියස්සත් නොමැතිව ක්‍රීඩාව වෙනුවෙන් කැප වුණු එරංගාට ලැබුණු වටිනාම දේ ඒ සෙවණ විය හැකියි.
තවමත් 33 හැවිරිදි එරංගා සිය වෘත්තීය ජිවිතයෙන් නික්ම ගියත් ක්‍රීඩාවෙන් නික්ම යා යුතු නැති ශක්තිය පිරුණු,විශ්වාසය පිරුණු සිතකින් යුක්තව ක්‍රීඩාවේ රැඳි සිටින්නට සුදුසුකම් තිබෙන බව ජාතික ක්‍රීඩා උළෙලේ ජයග්‍රහණය හරහා ඔප්පු කිරීම සුබ පණිවිඩයක්.ඒ හැකියාව වගේම අත්දැකීම තව දුරටත් භාවිතයට ගත හැකි සහ රටට කීර්තිය ඉපැයිය හැකි එකක් බවට ඇය ජාතික ක්‍රීඩා උළෙල හරහා තැබූ පණිවිඩය රටේ ක්‍රීඩා බලධාරීන් කොයි ආකාරයට භාර ගනීද යන්න පිළිබඳව අප විමසිල්ලෙන් පසු වන්නෙමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan