ජූලියන් අසාන්ජ් සිරෙන් නිදහස් වී එක්සත් රාජධානිය හැර යයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 25,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් බ්‍රිතාන්‍ය සිරකඳවුරකින් නිදහස් වී එක්සත් රාජධානියෙන් පිටතට පියාසර කර ඇති බව විකිලීක්ස් නිවේදනය කර තිබේ.

2010 වසරේදී විකිලික්ස් විසින් ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ යුද්ධවලට අදාළ එක්සත් ජනපද මිලිටරි ලේඛන සිය දහස් ගණනක් නිකුත් කරන ලද අතර එය එක්සත් ජනපද හමුදා ඉතිහාසයේ එවැනි ආකාරයේ විශාලතම ආරක්ෂක කඩකිරීමයි. ඒ අනුව, ඔත්තු බැලීමේ පනත යටතේ නඩු පවරනු ලැබූ හිටපු එක්සත් ජනපද හමුදා බුද්ධි විශ්ලේෂක චෙල්සි මැනිං විසින් මෙම රහස් ලේඛන හෙළිදරව් කරන ලදී.

මේ චෝදනා මත පදනම්ව බටහිර පැසිෆික් සාගරයේ එක්සත් ජනපදයට අයත් භූමියක් වන උතුරු මරියානා දූපත් හි පැවති නඩු විභාගයකදී අසාන්ජ් මහතාට මාස 62 ක සිර දඬුවමක් නියම විය.

වසර ගණනාවක් තිස්සේ බ්‍රිතාන්‍ය අධිකරණයේ ගැටගැසී තිබූ මෙම නඩුව විසඳීමට ඕස්ට්‍රේලියානු රජය දිගු කලක් තිස්සේ එක්සත් ජනපදයට බලපෑම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඕස්ට්‍රේලියාවට ආපසු යාමට ඉඩ සලසන ගනුදෙනුවක් යටතේ, එක්සත් ජනපද ඔත්තු බැලීමේ නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අසාන්ජ් මහතා වරද පිළිගැනීමත් සමඟ ඔහු මෙලෙස නිදහස් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය නව මංසන්ධියක: නායකත්ව විකල්පයක් ලෙස බිනෝද් චෞද්‍රි

විශේෂ ලිපිකරුවකු විසිනි ජනවාරි 28, ලෝකය (LNW): නේපාලය අද දුර්ලභ...

ලොව සුපතල Ken Dollගේ වසර 65 කට පසු හෙළිවූ අපූරු රහස…

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව සුපතල කෙන්...

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්ගේ සිද්ධියෙන් කථානායකත් වරද්දාගෙනද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ‘‘ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පාලනය වන නීති...

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම මූල්‍ය ප්‍රතිපත්ති තීරණය! 

රෂිකා හෙන්නායක ජනවාරි 28, කොළඹ LNW : 2026 ජනවාරි මස...