පොහොට්ටුවේ නොනිල නායකයා ඇමරිකානුවා.එයාගේ ආශීර්වාදයෙන් බෝධිසත්වයෙක් ආවත් ජන්දේ නම් නෑ – ගම්මන්පිල

Date:

කොළඹ LNW: 69 ලක්ෂයේ ප්‍රත්පත්ති නියෝජනය කරන්නේ තමන් ඇතුළු කණ්ඩායම නියෝජනය කරන සර්ව ජන බලය පමණක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

එදා ගෝඨාභය රාජපක්ෂට ජන්දය දීමේ බලාපොරොත්තු ඉටුකර ගත හැක්කේ ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ තමන් ඇතුළු කණඩායම පමණක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

”69 ලක්ෂයේ ප්‍රතිපත්තිය නියෝජනය කරන්නේ අප පමණයි. ඒ නිසා එදා ගෝඨාභය රාජපක්ෂ මහත්මයට ජන්දේ දුන්න අය යම් බලාපොරොත්තුවක් තිබුණා නම් ඉටුකරගන්න ඒ බලාපොරොත්තුව ඉටුකරගත් හැක්කේ ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ අප සහ අප පමණමයි. කවුරු ඉදිරිපත් වුණත් එන්නේ මේ රටට විනාශයක් කළ රාජපක්ෂවරුන්ගේ ආශිර්වාදයෙන් නම් විශේෂයෙන් අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නොනිල නායකයා වෙන්නේ මේ රට මේ අර්බුදයට තල්ලු කරපු ඇමරිකානුවා. මගේ වචන වලින් කියනවා නම් අවලස්සන ඇමරිකානුවා. ඉතින් අවලසන අමරිකානුවගේ ආශිර්වාදයෙන් බෝධිසත්වයෙක් ආවත් මේ රටේ ජනතාව නම් ජන්දේ දෙන්නේ නැහැ. මොකද නොදන්නා කමට මහ රෑ වැටුණු වලට මහ දවල් කවුරුවත් වැටෙන්න කැමති නැහැ.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාතරින් ජාතික කණ්ඩායමට ආ රශ්මිකා මාතර හොඳම ක්‍රීඩිකාව වෙයි

නිශ්මං රණසිංහ ජූලි 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...

හැත්තෑව දශකයේ දී ග්‍රහණය කරගත් පැරණි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී ජූලි 26, කොළඹ (LNW): 70 දශකයේ පැරණි...

වසර දහ අටක් කෑ දීගයක ආනන්දය

නිශ්මං රණසිංහ ජූලි 26, කොළඹ LNW: වසර 18 ක සම්බන්ධයක්...

වෙනස් වන ලෝකයත් සමග හැඩගැසිය හැකි පරපුරක් නිර්මාණය කළ යුතුයි – අග්‍රාමාත්‍ය හරිනි

රෂිකා හෙන්නායක ජූලි 26, කොළඹ LNW: රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ...