පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 25, කොළඹ (LNW):

ඩිජිටල් තාක්ෂණය, පිරිවෙන් අධ්‍යාපනය සඳහා හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීම මඟින් පිරිවෙන් අධ්‍යාපනය සවිබල ගැන්වීම පිණිස වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තාක්ෂණ අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සැලසුම් කර තිබේ. 

එමඟින් පිරිවෙන් ආශ්‍රිත ගුරුවරුන්ට හා පැවිදි, ගිහි ශිෂ්‍යයන්ට ශ්‍රී ලාංකික ජාතික බෞද්ධ උරුමය ගවේෂණයට හා විශ්ලේෂණයට ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගැනීමට හැකි වනු ඇතැයි රජය පවසන අතර, එක් පිරිවෙනක් සඳහා අවම වශයෙන් පරිගණක දෙකක් ස්මාර්ට් පුවරුවක් සහ මුද්‍රණ යන්ත්‍රයක් ලබා දීමට හැකි වන පරිදි යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස තාක්ෂණ අමාත්‍ය වශයෙන් ජනාධිපති සහ අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලි ඇතුන්ගේ ජීවිත සුරැකීමේ ‘හස්ති සේනා’ මෙහෙයුම රට පුරා ආරම්භ කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: අලි ඇතුන්ගේ ජීවිත සුරැකීම...

මහබැංකු බැඳුම්කර නඩුව කැදවීමට නියෝග!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය යහපාලන කාලයේ සිට විශාල ආන්දෝලනයකට තුඩු...

Happy Birthday, King Khan! වසර ගණනාවක් ගෙවුණත් නොමැකෙන ආකර්ෂණය, බොලිවුඩයේ කිං ඛාන්ට සුබ උපන්දිනයක්!

සටහන – පුලී නොවැම්බර් 02, LNW (කොළඹ): බොලිවුඩයේ කිං ඛාන් ලෙස...

වෙන ආණ්ඩුවක් තිබුණා නම් පෙට්‍රල් 700න් එහාට යනවා. අපිම නිසා මේ ගාණට දෙන්නේ – ඇමති නාමල්

මේ වනවිට ජාතික ජන බලවේගය නොව වෙනත් ආණ්ඩුවක් බලයේ...