අමාත්‍ය විජයදාස රාජපක්ෂට එරෙහි වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ වේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 25, කොළඹ (LNW):

අද (25)දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසත් එම පක්ෂයේ සාමාජිකයෙකු ලෙසත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුනු අතර, පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකරුවන්ට විරෝධතා ගොනුකිරීම සඳහා අධිකරණය විසින් කල්ලබා දී ඇත.

ඉන් අනතුරුව පැමිණිල්ල ජූලි මස 09 වනදා යළි කැඳවීමට නියෝග කළ අධිකරණය එදින දක්වා දැනට නිකුත් කර තිබෙන වාරණ නියෝගය දිර්ඝ කරන ලෙසත් නියෝග කළ බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...