වැටුණු රටක උද්ඝෝෂණ කරලා දේශපාලන වාසි ගන්න අපට ඕනේ නැහැ – SJB මන්ත්‍රී මාන්නප්පෙරුම

Date:

කොළඹ LNW:සමඟි ජන බලවේගය, කඩා වැටී තිබෙන රටක උද්ඝෝෂණ කරවා ඒවායින් දේශපාලන වාසි ලබා ගන්නා පක්ෂයක් නොවන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසුවේය.

සමඟියේ අරමුණ රට මෙන්ම ජනතාව ශක්තිමත් කිරීම වන අතර බලය ලබා ගැනීම දෙවනුව ක්‍රියාත්මක බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

”කඩා වැටිලා තියෙන රටේ උද්ඝෝෂණ කරවල ඒවයෙන් දේශපාලන වාසි ගන්න සමඟි ජන බලවේගය කිසිසේත් සුදානම් නැහැ. මුලින්ම රට ශක්තිමත් කරලා ජනතාව ශක්තිමත් කරන්න ඕනේ. දෙවෙනි එක තමයි බලය ගැනීම. අපි කියනව නම් අන්න කන්න නෑ. පාරේ ඉන්නවා මැරිලා ඉන්නවා කියල අන්න කඳුළු ගෑස් ගහල ඉස්කෝල වහල දාලා තියෙනවා අනේ හරි ජොලි බලය ගන්න පුළුවන් කියල එහෙම දේශපාලන පක්ෂ තියෙනවා. හැබැයි සමඟි ජන බලවේගය කියන්නේ එහෙම එකක් නෙවෙයි. සමඟි ජන බලවේගය කියන්නේ රෝහලේ බෙහෙත් ටික නැත්නම් අපි බෙහෙත් ටික ගෙනත් දෙනවා. පාරට බස්සන්නේ නැහැ අහිංසක ලෙඩ්ඩු අමාරුවේ දාන්න. ආණ්ඩුව හොඳ දෙයක් කරනවා නම් හරියට ආණ්ඩුව දූෂණ විරෝධී පනත ගෙනාවම අපි අත ඉස්සුවා. සමහර ආණ්ඩුවේ අය අත ඉස්සුවෙත් නැහැ. විපක්ෂයේ අපි අත ඉස්සුවා. අපි එක පැත්තකින් බලය ගන්න උත්සහ කරනවා වගේම ආර්ථිකය හිර වෙන ක්රියම්ර්ගවලට ක්‍රියාමාර්ගවලට යන්නේ නැහැ. මොකද අපි දන්නවා රට තියෙන්නේ ආර්ථික අස්ථාවර භාවයක” යනුවෙන් මාන්නප්පෙරුම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...

ඕස්ට්‍රේලියාවට බලපෑ ලැව්ගිනි හේතුවෙන් එක් අයෙකු මියගොස් හෙක්ටයාර් 350,000කට අධික සංඛ්‍යාවක් විනාශ වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර ගණනාවකට පසු...