රාජ්‍ය ආදායම ගන්න හදන්නේ අසීමිත බදු ගහලා, රාජ්‍ය සම්පත් විකුණලා නම් එයින් ජනතාවට සාධාරණයක් වෙන්නේ නෑ – නාමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික සම්පත් විකුණමින් රටේ ණය ගෙවීමට උත්සාහ කිරීම තුළින් රටේ ණය ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“අපි එක පැත්තකින් සතුටු වෙනවා ණය ගෙවන්න යම්කිසි කාලයක් හම්බෙලා තියෙනවා. හැබැයි යම්කිසි කාලයක් පමණයි හම්බෙලා තියෙන්නෙ. අපි ඒ ණය ගෙවන්න ඕනෙ. ගිවිසුම අත්සන් කරපු අය නොගෙව්වත් මේ රටේ අනාගත දරු පරම්පරාව ඒක ගෙවන්න ඕනෙ. ඒ අනාගත දරු පරම්පරාව ඒක ගෙවන්න නම් මේ රටේ ග්‍රාමීය ආර්ථිකය අපි ශක්තිමත් කරන්න ඕනෙ. රටේ ජාතික සම්පත් විකුණමින් මේ ණය ගෙවීම තුළ මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් කියලා කියනවා නම් ඒක කවදාවත් සාර්ථක වෙන්නෙ නෑ. විකුණන්න හරි ජාතික සම්පතක් ගොඩනැඟුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒවා හදපු නිසා. වර්තමානයේ ඉන්න නායකයෝ ඒවා කුණු කොල්ලයට විකුණලා දාලා කෙටි කාලීනව වසරක දෙකක තමන්ගෙ දේශපාලන ගමන දිහා කල්පනා කරනවා නම් ප්‍රතිව්‍යුහගත කරපු ණය ගෙවන කාලය වෙනකොට මේ රට පාලනය කරන්නෙ කවුරු වුණත් ඒ අයට අඩුම ගාණෙ ආදායමක් තියා විකුණන්න දෙයක්වත් ඉතුරු වෙන්නෙ නෑ. රාජ්‍ය ආදායම උත්පාදනය කරන්නෙ සම්පත් විකිණීමෙන් පමණක් නම් අසීමිත විදියට අසාධාරණ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමෙන් පමණක් නම් ඒ තුළ මේ රටටවත් රටේ ජනතාවටවත් සාධාරණයක් වෙන්නෙ නෑ”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (27) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව ආසන සම්මේලනය අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...