හිරුණිකාට බරපතළ වැඩසහිත සිර දඬුවම් !

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට බරපතළ වැඩසහිත වසර තුනක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින් අද (28) නියම කර තිබේ.

ඒ, 2015 වසරේදී දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබාගෙන වධ හිංසා කිරීමේ සිද්ධියට අදාළව ය.

මෙම නඩුවේදී එහි සෙසු සැකකරුවන් වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආරක්ෂකයින් ඔවුන්ට එල්ල වී තිබුණු චෝදනාවන්ට මුල් අවස්ථාවේදීම වරද පිළිගත් අතර ඔවුන්ට වසර 12කට අත්හිටවූ සිර දඬුවම් ද පැහැර ගැනීමට ලක්වූ තරුණයා වෙත රුපියල් 285,000 ක වන්දියක් ගෙවීමට ද නියම කෙරිණි.

සිද්ධිය සම්බන්ධයෙන් තමන් නිවැරදකරු බව ප්‍රකාශ කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් අද දිනයේ තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව චෝදනා 18කට වැරදිකාරිය බව තීන්දු කෙරුණු ඇයට බරපතළ වැඩසහිත වසර තුනක සිර දඬුවමක් නියම කෙරිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලි ඇතුන්ට වෙඩි තැබීමේ සිද්ධීන් පිටුපස සංවිධානාත්මක ජාලයක් පවතීදැයි විමර්ශන.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : අලි ඇතුන්ට වෙඩි...

 Hyron Andrewsගේ අකල් වියෝව සහ ක්‍රීඩාවේ මානුෂීය බැඳීම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ප්‍රංශයේදී සහෝදරත්වයේ ගෞරවාදරය...

ප්‍රංශයේ ශිෂ්‍ය අරගලය සහ එහි පසුපස ඇති සැබෑ තත්ත්වය..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : 2026 ඔක්තෝබර් මාසයේදී...

අධිකරණ තීන්දුවලට අපි යටත් වෙනවා, එතනින් එහා කවුරුවත් අපෙන් තීරණ බලාපොරොත්තු වෙන්න එපා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබාදී තිබියදී එම තීන්දුව...