හිරුණිකාට බරපතළ වැඩසහිත සිර දඬුවම් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට බරපතළ වැඩසහිත වසර තුනක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින් අද (28) නියම කර තිබේ.

ඒ, 2015 වසරේදී දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබාගෙන වධ හිංසා කිරීමේ සිද්ධියට අදාළව ය.

මෙම නඩුවේදී එහි සෙසු සැකකරුවන් වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආරක්ෂකයින් ඔවුන්ට එල්ල වී තිබුණු චෝදනාවන්ට මුල් අවස්ථාවේදීම වරද පිළිගත් අතර ඔවුන්ට වසර 12කට අත්හිටවූ සිර දඬුවම් ද පැහැර ගැනීමට ලක්වූ තරුණයා වෙත රුපියල් 285,000 ක වන්දියක් ගෙවීමට ද නියම කෙරිණි.

සිද්ධිය සම්බන්ධයෙන් තමන් නිවැරදකරු බව ප්‍රකාශ කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් අද දිනයේ තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව චෝදනා 18කට වැරදිකාරිය බව තීන්දු කෙරුණු ඇයට බරපතළ වැඩසහිත වසර තුනක සිර දඬුවමක් නියම කෙරිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...