රංගේ බණ්ඩාරගේ පුතා ඇප මත නිදහස්. නඩුව ලබන අවුරුද්දට කල්යයි !

සටහන – රුවන් නෙළුගොල්ල

රිය අනතුරක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයා වන යශෝධ රංගේ බණ්ඩාර ඇප මත නිදහස් කර තිබේ.

ඊයේ (29) අළුයම 04.30 ට පමණ යශෝධ රංගේ බණ්ඩාර පැදවූ මෝටර් රථය කරුවලගස්වැව 07 කණුව – මී ඔය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන ඉදිරියෙන් පැමිණි ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබිණි.

අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

කරුවලගස්වැව පොලීසිය විසින් අත් අඩංගුවට ගත් යශෝධ රංගේ බණ්ඩාරව ඊයේ පස්වරුවේ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර එහිදී ඔහුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැර ඇත.

ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ද අධිකරණය නියෝග කර තිබේ.

නඩුව 2025 මාර්තු 25 වනදා යළි කැඳවීමට නියමිත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...