සෙලෙන්ස්කිගේ ඉල්ලීම!

Ukrainian President Volodymyr Zelenskiy examines weapons as he attends tactical military exercises held by the country's armed forces at a training ground in the Rivne Region, Ukraine February 16, 2022. Ukrainian Presidential Press Service/Handout via REUTERS ATTENTION EDITORS - THIS IMAGE WAS PROVIDED BY A THIRD PARTY.

සටහන – රෂිකා හෙන්නායක ජුනි 30 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි විසින් , රුසියාව එල්ල කළ ප්‍රහාරයෙන් පසු , තම මිත්‍ර රටවලින් දිගු දුර මෙහෙයුම් සඳහා ආයුධ ලබාදෙන්නැයි ඉල්ලා තිබෙන බව වාර්තා වේ.

රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ළමයින් දෙදෙනෙකු ඇතුළු හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමෙන් පසු යුක්රේන ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදු කළා. ගිනිකොනදිග සපොරිශ්ෂියා නගරය ආසන්නයේ විල්නියාන්ස්ක් නගරයට එල්ල කළ රුසියානු ප්‍රහාරයෙන් තවත් 31 දෙනෙකු තුවාල ලැබූවා.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ, ඊයේ දිනයේ ද රුසියාව යුක්රේනයට එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් සිවිල් වැසියන් 11 දෙනෙකු මිය ගොස් තවත් 37 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

මේ අතර නැගෙනහිර ඩොනෙට්ස්ක් කලාපයේ ගම්මාන තුනකට එල්ල වූ කාලතුවක්කු ප්‍රහාරවලින් පුද්ගලයන් හතර දෙනෙකු මිය ගොස් හත් දෙනෙකු තුවාල ලබා තිබෙන බවද වාර්තා වේ.