සෙලෙන්ස්කිගේ ඉල්ලීම!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 30 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි විසින් , රුසියාව එල්ල කළ ප්‍රහාරයෙන් පසු , තම මිත්‍ර රටවලින් දිගු දුර මෙහෙයුම් සඳහා ආයුධ ලබාදෙන්නැයි ඉල්ලා තිබෙන බව වාර්තා වේ.

රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ළමයින් දෙදෙනෙකු ඇතුළු හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමෙන් පසු යුක්රේන ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදු කළා. ගිනිකොනදිග සපොරිශ්ෂියා නගරය ආසන්නයේ විල්නියාන්ස්ක් නගරයට එල්ල කළ රුසියානු ප්‍රහාරයෙන් තවත් 31 දෙනෙකු තුවාල ලැබූවා.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ, ඊයේ දිනයේ ද රුසියාව යුක්රේනයට එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් සිවිල් වැසියන් 11 දෙනෙකු මිය ගොස් තවත් 37 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

මේ අතර නැගෙනහිර ඩොනෙට්ස්ක් කලාපයේ ගම්මාන තුනකට එල්ල වූ කාලතුවක්කු ප්‍රහාරවලින් පුද්ගලයන් හතර දෙනෙකු මිය ගොස් හත් දෙනෙකු තුවාල ලබා තිබෙන බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...