මේ රට මීළඟ තලයට ගෙනියන්න පුළුවන්, ආර්ථිකය ගොඩගන්න පුළුවන් නායකයා අපි ඉක්මනින්ම ඉදිරිපත් කරනවා – පොහොට්ටු මහලේකම්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අප ශ්‍රී ලාංකිකයින් යැයි අභිමානවත් ලෙස ලෝකය ඉදිරියේ කිව හැකි තත්වයක් ඇති කරන නායකයෙකු බිහිකර ගැනීමට කාලය එළඹ ඇති බවත් එම නායකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නුදුරේදීම කරළියට ගෙනෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

“මේ රටේ තෙල් පෝලිම් තිබුණේ මාස දෙකයි, ගෑස් නැතිව තිබුණේ මාස දෙකයි, විදුලි කප්පාදුව තිබුණේ මාස දෙකයි. මාස දෙකක් තිබිච්ච ප්‍රශ්නයක් විසඳීම මේ රටේ අවුරුදු තිස් ගණන් හැට ගණන් තිබිච්ච මහා ප්‍රශ්න විසඳපු නායකයෝ එක්ක සංසන්දනය කරන්න යනවා. මේක නිකම් මහ විකෘතියක්. නැවත වතාවක් අපි මේ රට බාරගන්න ඕනෙ. මොකද, මේ රට විකුණන්න දෙන්න බෑ. අපි ශ්‍රී ලාංකිකයෝ කියන අභිමානවත් වචනය කියන්න පුළුවන් වෙන විදිහේ නායකයෙක් බිහිකරගන්න ඕනෙ කාලය දැන් ඇවිල්ලා. අන්න ඒ නායකයා අපි ඉදිරි කාලයේදී ඔබතුමන්ලාට ඉදිරිපත් කරනවා. ඒක නිසා මඳක් ඉවසිලිවන්තව ඉන්න. මේ රට මීළඟ තලයට ගෙනියන්න පුළුවන්, මේ රටේ ආර්ථිකය ගොඩගන්න පුළුවන්, මේ රටේ මේ තියෙන ණය කන්දරාව ගෙවලා ණය නැති රටක් බවට පත් කරන්න පුළුවන් නායකයා අපි ඔබතුමන්ලාට ලබාදෙනවා. අන්න ඒ නායකයා එක්ක අපේ ඉදිරි ගමන යමු”

සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ ඊයේ (30) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීරිගම ආසන සම්මේලනය අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...