අපිට ඔය ලෝකේ වටේ අය ඕනේ නැහැ. අපිට ඉන්නවා අපේම විද්‍යාඥයෝ – මුජිබර්

කොළඹ LNW:ජාතික ජන බලවේගයට මෙන ලෝකේ වටේ විද්‍යාඥයින්ගේ අවශ්‍යතාවක් සමඟි ජන බලවේගයට නොමැති අතර රට තුළ සිටින විද්‍යාඥයින්ගේ සහය සමඟියට තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

නිදහස් අධ්‍යාපනයේ ඉගෙන ගෙන රටට ඇත්තටම සේවය කරන්නේ රට තුළ සිටින අය වන බවත් පසුගිය කාලේ ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන එන්නත් එලෙස පිටරටවලින් ලොකු ලොකු විද්‍යාඥයින් පැමිණියද ඔවුන් ආපසු ගිය බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

”ලෝකේ අය නැති වුණාට අපිට මෙහෙ ඉන්න විද්‍යාඥයෝ ඉන්නවා. මේ රටේ බදු මුදල්වලින් අධ්‍යාපනය ලබලා මේ රටේ ජනතාවට සේවය කරන විදයාඥවරු අපිත් එක්ක ඉන්නවා. ඒ නිසා ඒ ගැන අපට කිසිම ගැටළුවක් නැහැ. ඒගොල්ලෝ දේශනා තියල ආය ඒ රටට යනවනේ. ඔය වගේ ලොකු විද්‍යාඥවරු ආවා ගෝඨාභය රාජපක්ෂ බලයට ගේන්නත්. අන්තිමට මොකද වුණේ. අන්තිමට ඒ අයත් ගියා. මෙහෙ අපි පෙට්‍රල් පෝලිමේ හිටියා. ගෑස් පෝලිමේ හිටියා. අපේ ළමයින්ට කිරි පැකට් එක දෙන්න නැතුව හිටියා. ඔය කාලෙන් කාලේට ලොකු ලොකු විද්‍යාඥයෝ ඇවිල්ලා ලොකු කතා කියල ආපහු ඒ රටවල්වලට යනවා. කවුරුවත් මෙහෙ පදිංචි වෙන්න ඉන්නේ නෑනේ. අපිට ආඩම්බරකමක් තියෙනවා මේ රටේම ඉගෙන ගෙන මේ රටෙම පදිංචි වෙලා මේ රටේම රස්සාවල් කරලා තමන් ලබපු අධ්‍යාපනය අනිත් පරපුරට ලබාදෙන විද්‍යාඥවරු අපිට ඉන්නවා. අපිට ඒ අය ගැන ලොකු ආඩම්බරයක් තියෙනවා. මොකද ඒ ගොල්ලෝ තමයි ඇත්ත දේශප්‍රේමියෝ. තමන් ලබා ගත්ත නිදහස් අධ්‍යාපනයෙන් ඇත්තටම සේවය කරන්නේ ඒගොල්ලෝ. මෙච්චර ප්‍රශ්න ඇවිල්ලත් ඒ මිනිස්සු මේ රට දාලා යන්නේ නැහැ.” යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හූති ප්‍රහාර හමුවේ ඉහළ යන තෙල් මිල – බොරතෙල් බැරලයක් ඩොලර් 115ත් පසු කරයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සවුදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් මත හූති...

නගර සභා සභාපතිවරයකු විසින් පහර දුන් බව පවසමින් ගරාජ් හිමිකරුවෙකු රෝහලට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කඩුගන්නාව නගර සභා...

2027 සිට ඊශ්‍රායල රැකියා සඳහා බඳවා ගැනීම් රජය හරහා පමණයි : SLBFE

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW : 2027 ජනවාරි 1...

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...