*
Friday, September 20, 2024
spot_img

Latest Posts

සෞදියේ සහය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ සෞදි තානාපති අබ්දුල් නසර් හුසේන් අල් හාර්ති මහතා තම සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටත් වීමට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී ඊයේ (29) සුහද සාකච්ඡාවක නිරත විය. සෞදි සංවර්ධන අරමුදලේ සහය අඛණ්ඩව ශ්‍රී ලංකාවට ලබා දෙන බව හාර්ති මහතා ජනාධිපතිතුමන්ට පවසා ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ධූර කාලය තුළදී හුසේන් අල් හාර්ති මහතා දැක්වූ සහය මෙහිදී ජනාධිපතිවරයාගේ පැසසුමට ලක් වූ බවයි.එමෙන්ම හාර්ති මහතා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳවද සාකච්ඡා කර ඇත. පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සහ ශ්‍රී ලංකාවේ ඇති තවත් ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීම සඳහා සෞදි රාජ්‍යයේ ඉහළ පෙළේ දූත පිරිසක් නුදුරේදී ම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඔහු එහිදී පවසා තිබේ.ජනාධිපතිතුමන් එහිදී ආයෝජන කලාප ආශ්‍රිතව විශේෂ බදු සහන රැසක් පවතින බවත් ඖෂධ, තාක්ෂණ සහ ඇඟලුම් කර්මාන්තය ආශ්‍රිත සෘජු ආයෝජන සඳහා ශ්‍රී ලංකාව තුළ පවතින පුළුල් අවස්ථා පිළිබඳව ද තානාපතිවරයාට පෙන්වා දී ඇත.මේ අතර ජනාධිපතිතුමන් හම්බන්තොට ඉදිකිරීමට යෝජිත නැව් අලුත්වැඩියා සහ නිෂ්පාදන ආයතනය ආශ්‍රිතව ඇති ආයෝජන සහ කොළඹ වරාය නගරයේ ආයෝජනය අවස්ථා පිළිබඳව හාර්ති මහතා සමග සාකච්ඡා කර ඇති අතර එම ව්‍යාපෘති වල ආයෝජනය කිරීම සඳහා සෞදි රජයට ආරාධනය කර ඇත.

සෞදි සංවර්ධන අරමුදල යටතේ මෙරට යටිතල පහසුකම් සංවර්ධනයට දක්වන සහයට ද ජනාධිපතිතුමන් සෞදි රජයට ස්තුතිය පිරිනමා තිබේ.මේ අතර ශ්‍රී ලංකාවට අවශ්‍ය සෑම විටකම සහයට සිටිනා රටක් ලෙස සෞදි රාජ්‍යය දැකිවිය හැකි අතර සෞදි රාජ්‍යය මීට පෙරද ලංකාවේ බොහෝ ආයෝජන මෙන්ම ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ණය මෙන්ම ආධාරද ලබා දී ඇත.

ඉදිරියටත් ⁣ශ්‍රී ලංකාවට සෞදි රජයේ සහය නිබඳවම ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

WGM Facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan