යුරෝපය බලා ගිය සංක්‍රමණික යාත්‍රාවක් ගිලී යාමෙන් පුද්ගලයන් 89 දෙනෙකු ජීවිතක්ෂයට

Date:

සටහන : සශිකලා මධුෂාණි
ජුලි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දින හයකට පෙර ගැම්බියා-සෙනෙගාල් දේශසීමාවෙන් යුරෝපය බලා පිටත්ව ගිය සංක්‍රමණික යාත්‍රාවක් මොරිටේනියාවේ වෙරළට ඔබ්බෙන් පෙරලීමෙන් අවම වශයෙන් සංක්‍රමණිකයන් 89 දෙනෙකු මිය ගොස් ඇති බව එරට රජයේ ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ.

රටේ නිරිතදිග නගරයක් වන Ndiago සිට කිලෝමීටර් 4 ක් (සැතපුම් 2.5 ක්) පමණ අත්ලාන්තික් සාගරයේ වෙරළට ඔබ්බෙන් බෝට්ටුව පෙරළී ගොස් තිබිණ.

යාත්‍රාවේ අවම වශයෙන් සංක්‍රමණිකයන් 170දෙනෙක් සිට ඇති බව දිවි ගලවාගත් පිරිස සඳහන් කර ඇති අතර 5 හැවිරිදි දැරියක් ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු බේරාගෙන තිබේ.

සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) 2024 වාර්තාවකට අනුව, යුරෝපයට යන ගමනේ දිග නිසා අත්ලාන්තික් සාගරය හරහා ගමන් කිරීම ඇදහිය නොහැකි තරම් භයානක ලෙස සැලකෙන අතර බටහිර අප්‍රිකානු සංක්‍රමණිකයන් දහස් ගණනක් සෑම වසරකම රැකියා අවස්ථා සොයා යුරෝපයට ළඟා වීමට අත්ලාන්තික් සාගරයේ සහ අනතුරුදායක මධ්‍යධරණී මුහුද තරණය කරති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...