‘අපගේ කාර්යය හදිසි වන අතර ජාතිය වෙනස් කිරීම අපි අද සිට ආරම්භ කරමු’ බ්‍රිතානයේ නව අගමැති ස්ටාමා සිය මංගල කතාවේදී ප්‍රකාශ කරයි

Date:

සටහන : සශිකලා මධුෂාණි
ජුලි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : 14 වසරක නිතර කැලඹිලි සහිත කොන්සර්වේටිව් ආන්ඩුව අවසන් කරමින් කම්කරු පක්ෂය ආසන 650කින් යුත් පාර්ලිමේන්තුවේ දැවැන්ත බහුතරයක් දිනා අභිනව අග්‍රාමාත්‍ය ධුරයට පත් කම්කරු පක්ෂ නායක ශ්‍රීමත් කියර් ස්ටාමා ඩවුනින් විදියේ සිට සිය මංගල කතාව කරමින් ප්‍රකාශ කර තිබුණේ, ‘අපගේ කාර්යය හදිසි වන අතර ජාතිය වෙනස් කිරීම අපි අද සිට ආරම්භ කරමු‘යනුවෙනි.

2022 දී ට්‍රස්ගේ ව්‍යසනකාරී සති හයක අගමැතිකම, ජොන්සන් බලහත්කාරයෙන් නෙරපා හැරීමෙන් පසුව, පරිහානිය තහවුරු කළ අතර බටහිර ලෝකයේ වඩාත්ම සාර්ථක පක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂයට වාර්තාගත ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සංඛ්‍යාවක් සහ හිටපු අගමැති ලීස් ටස් ඇතුළු නීති සම්පාදකයින් 250ක් පමණ අහිමිව ඇති අතර හිටපු අගමැති සුනක් පක්‍ෂ නායකත්වයෙන් ඉවත් වන බව ප්‍රකාශ කර ඇත. නිල වශයෙන් ඉල්ලා අස්වීමට ඔහු චාල්ස් රජු හමුවී සිටි අතර මෙවර ප්‍රතිඵලය වසර 84 ක් තිස්සේ එහි නරකම ප්‍රතිඵලය විය.

ස්ටාර්මර් බලයට පත්වන්නේ රට භයානක අභියෝග මාලාවකට මුහුණ දී සිටින මොහොතක ය. වැඩ කරන ජනතාව සඳහා බදු වැඩි නොකරන බවට ස්ටාර්මර් ප්‍රතිඥා දී ඇති අතර මේ වන විට
දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව බ්‍රිතාන්‍යයේ බදු බර එහි ඉහළම අගයට පැමිණීමට නියමිතව ඇත, ශුද්ධ ණය වාර්ෂික ආර්ථික නිමැවුමට ආසන්න වශයෙන් සමාන වන අතර ජීවන තත්වයන් පහත වැටී ඇත. වැඩ වර්ජනවලින් පීඩාවට පත් මහජන සේවාවන් වන ජාතික සෞඛ්‍ය සේවය මේ වන විට කඩා වැටෙමින් තිබේ.

කෙසේ නමුත් සිය මංගල කතාවේදී ශ්‍රීමත් ස්ටාමා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ, රටක් වෙනස් කිරීම ස්විචයක් එබීමක් වැනි සුළු දෙයක් නොවන බවත්, එය දුෂ්කර කාර්යයක් වන අතර ඉවසීමෙන්, අධිෂ්ඨානශීලීව, වැඩ කරන්නේ නම් එය අපට අත්පත් කරගත හැකිවනු ඇති බවයි. ඔහු දේශීය වශයෙන් වෙනසක් ගෙන ඒමට පොරොන්දු වී ඇති අතර, රුසියාවට එරෙහි යුද්ධයේදී යුක්රේනයට ලන්ඩනයේ සහයෝගය දිගටම ලබා දෙන බවට පොරොන්දු වී ඇති අතර බොහෝ විදේශීය කාරණා සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රතිපත්ති සුනක්ගේ ප්‍රතිපත්තිවලට සමානය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...

මෙතෙක් ලංකාවේ නැව්වලට කැසිනෝ බලපත්‍ර දුන්නේ නෑ. අලුත් පනතින් නැව්වලටත් කැසිනෝ බලපත්‍ර ඉල්ලීමේ අවස්ථාව !

අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ...