ලෙනවගේ පෙත්සම විසි වෙයිද?

Date:

කොළඹ LNW:ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව මහතා විසින් ගොණු කර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සම් කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය සහ සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකර විසින් එම පෙත්සම් ඉදිරිපත් කර ඇත.

එම අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් විසින් ද මෙම අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

අතරමැදි පෙත්සම්කරුවන් කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය 03 පරිච්ඡේදය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) ව්‍යවස්ථාව සංශෝධනය කර තිබෙන බවත් ඒ අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 06 සිට වසර 05 ක් දක්වා අඩු කර තිබෙන බවයි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය මෙම වසරේ අවසන් වන බවත් මෙම වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බවත් ඔවුන් පෙන්වාදී තිබේ.

ජනාධිපතිවරණය කල් දමන ලෙස ඉල්ලා අදාළ පෙත්සම ඉදිරිපත් කිරීමේදී පෙත්සම්කරු වැරදි සහගත කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් කරමින් අධිකරණය නොමඟ යැවීමට කටයුතු කර ඇති බවත් අතරමැදි පෙත්සම්කරුවන් පෙන්වා දී ඇත.

ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව මහතා විසිනි අදාළ පෙත්සම ගොනුකර තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...