දුෂණය තුරන් කර විනිවිදභාවය තහවුරු කරන්නේ නම් ණය සහනය වැඩි වෙයි – මහබැංකු අධිපති

කොළඹ LNW:රට තුළ දූෂණය තුරන් කොට විනිවිද භාවය තහවුරු කරන්නේ නම් 28% ක ණය කප්පාදුව 35% දක්වා ඉහළ දැමීමට බැදුම්කර හිමියන් සූදානම් බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

වාණිජ ණය හිමියන් වන බැදුම්කර හිමියන් මේ බව රජයට දැනුම් දී ඇති බවයි මහබැංකු අධිපතිවරයා පවසන්නේ.

ද්වී පාර්ශ්වික ණය හිමියන් ණය කප්පාදුවක් සිදු නොකලද බැදුම්කර හිමියන් ලබා දෙන ණය සහනයට සමාන ණය සහනයකට ඔවුන්ද යනු ඇතැයි බවටද වීරසිංහ මහතා විශ්වසය පළකරයි.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සහ ලෝක බැංකුවේ දකුණු ආසියාවේ උප සභාපති මාර්ටින් රයිසර් මහතා, ශ්‍රී ලංකාව,නේපාලය සහ මාලදිවයින සඳහා අලුතින් පත් වූ ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර සාර්ව ස්ථායීතාවය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ලෝක බැංකුවේ අනුග්‍රහය ලබන සමාජ සුබසාධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබදව එහිදී සාකච්ජා කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...