ආසියා පැසිෆික් කලාපයට හමුදා කඳවුරු අවශ්‍ය නොවන බවට චීනයෙන් ප්‍රකාශයක්

Date:

කොළඹ LNW:ජපානය සහ පිලිපීනය ඒකාබද්ධ ප්‍රවේශ ගිවිසුමක් අත්සන් කර තිබෙන අතර මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මහතා චීනයේ ස්ථාවරය පැහැදිලි කර තිබෙනවා.

රටවල් අතර හුවමාරු සහ සහයෝගීතාව පවත්වා ගැනීමේදී කලාපයේ අනෙකුත් රටවල් අතර විශ්වාසය පළුදු නොවිය යුතු බවත් ඒ ඔස්සේ කලාපීය සාමය හා ස්ථාවරත්වය බිඳ නොදැමිය යුතු බවත්, කිසිදු පාර්ශ්වයකට ඉන් හානියක් සිදු නොවිය යුතු බවත් ඔහු සඳහන් කළා.

ආසියා පැසිෆික් කලාපයට හමුදා කඳවුරු අවශ්‍ය නොවන බව පැවසූ Lin Jian මහතා දෙවන ලෝක යුද්ධ සමයේදී, ජපානය පිලිපීනය ඇතුළු අග්නිදිග ආසියාතික රටවල් ආක්‍රමණය කර එම රටවල් යටත් විජිත බවට පත් කළ බව ද එහිදී ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...