වැඩි කළ වැටුප වතු කම්කරුවන්ට නොගෙවන වතු හාම්පුතුන්ට එරෙහිව කැබිනට් තීරණයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රජය විසින් වැඩිකරන ලද වැටුප වතු කම්කරුවන්ට නොගෙවන වතු හාම්පුතුන්ගේ බදු ගිවිසුම් දීර්ඝ නොකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

“අද (09) දවසේදී කැබිනට් මණ්ඩලයේදී තීන්දු කළා ජනාධිපතිතුමා, වතු කම්කරුවන් සඳහා සුදුසු වැටුප ගෙවීමට අපොහොසත් වන වතු හාම්පුතුන්ගේ බදු ගිවිසුම් දීර්ඝ නොකිරීමට. දැනට ජනාවාස බවට පත්වෙලා තියෙන වතුවල ප්‍රදේශ, අද දවසේදී තින්දු කළා ඒ ප්‍රදේශ ගම්මාන හැටියට ගැසට් කරන්න. ඒ ප්‍රදේශ ගම්මාන හැටියට ගැසට් කළායින් පස්සේ ඒ ප්‍රදේශවලට රජයේ ප්‍රතිලාභ සෘජුවම ලබාදෙන්න පුළුවන්කම හම්බවෙනවා, ආයෙත් වතු සමාගම්වල අවසරයන් ලබාගන්න ඕනෙ නෑ”

මනූෂ නානායක්කාර අමාත්‍යවරයා මේ බව පැවසුවේ වතු සේවක නියෝජිතයින් පිරිසක් සමග ඊයේ (09) කොළඹදී පැවති සාකච්ඡාවකදී ය.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700ක් දක්වා වැඩිකරමින් රජය ගැසට් නිවේදනයක් නිකුත් කරන ලද්දේ පසුගිය අප්‍රේල් 30 වනදා ය. ඊට එරෙහිව වතු සමාගම් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවට ගොස් තිබුණු අතර එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් පසුගිය ජුනි 28 වනදා නිකුත් කෙරිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා නගරය අත්පත් කර ගැනීම වෙනුවෙන් ප්‍රහාර ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා නගරය මුළුමනින්ම...

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...