විදුලි ගාස්තු සංශෝධන ගැන තීරණයට දිනයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 10, කොළඹ (LNW):

විදුලි ගාස්තු සංශෝධන පිළිබඳ මහජන අදහස් විශ්ලේෂණයෙන් අනතුරුව ජූලි 15 වැනිදා ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය ප්‍රකාශයට පත්කරන බව මහජන උපයොගීතා කොමිසම පවසයි.

පෙර ලියාපදිංචි වූ විවිධ ක්ෂ්ත්‍ර නියෝජනය කරන නියොජිතයින් 46 දෙනෙකුගෙන් අදහස් ලබාගත් බව එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කළේය,

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරියේදී සිදුකරන විදුලි ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමට යෝජනා ඉදිරිපත් කර ඇති අතර, එම යෝජනාවලට අනුව සමස්තයක් ලෙස අඩුවන ගාස්තු ප්‍රතිශතය 13.8%කි. ඒ අනුව ගෘහස්ථ කාණ්ඩයට 25.5%ක ගාස්තු අඩුවීමක් සහ ආගමික සහ පුණ්‍යායතනවලට 3%ක අඩුවීමක් සිදුවේ.

මෙම යෝජනාවලට අනුව හෝටල් සහ කර්මාන්ත ක්ෂේත්‍රයට ගාස්තු අඩුවීමක් යෝජනා කර නැති අතර, යෝජිත ගෘහස්ථ විදුලි ගාස්තු සංශෝධනයට අනුව ඒකක 0 සිට 30 දක්වා විදුලි ඒකකයක් වෙනුවෙන් අය කෙරෙන ගාස්තුව රුපියල් 08 සිට 06 දක්වා අඩු කෙරේ. ඒකක 31 සිට 60 දක්වා ඒකකයට අය කෙරෙන ගාස්තුව රුපියල් 20 සිට 09 දක්වා අඩුකර තිබේ.

විදුලිබල මණ්ඩලයේ යෝජනාවලට අනුව ගෘහස්ථ විදුලි පාරිභෝජනය තවත් කාණ්ඩ කිහිපයකට වෙන්කර තිබේ.ඒ අනුව විදුලි ඒකක 60 ට වඩා පරිභෝජනය කරන ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින්ගෙන් ඒකක 0 සිට 60 දක්වා අය කෙරෙන ගාස්තුව රුපියල් 25 සිට 15 දක්වා අඩුවේ. ඒකක 61 සිට 90 දක්වා භාවිත කරන ගෘහස්ථ පාරිභෝගිකයින්ගෙන් අය කෙරෙන ගාස්තුව රුපියල් 30 සිට 18 දක්වා අඩු කිරීමට යෝජනා වී තිබේ.

විදුලි ඒකක 91 සිට 120 දක්වා පරිභෝජනය කරන විදුලි ඒකකයක් සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 50 සිට රුපියල් 30 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති අතර, ඒකක 121 සිට 180 දක්වා භාවිත කරන විදුලි ඒකක වෙනුවෙන් අයකෙරෙන ගාස්තුව රුපියල් 50 සිට 42 දක්වා අඩු කෙරේ.

ඒකක 181ට වැඩියෙන් භාවිත කෙරෙන ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින්ගෙන් ඒකකයකට අයකෙරෙන ගාස්තුව රුපියල් 75 සිට 65 දක්වා අඩු කිරීමට යෝජනා කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...

මෙතෙක් ලංකාවේ නැව්වලට කැසිනෝ බලපත්‍ර දුන්නේ නෑ. අලුත් පනතින් නැව්වලටත් කැසිනෝ බලපත්‍ර ඉල්ලීමේ අවස්ථාව !

අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ...