*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

රටේ ජනතාවගේ සර්වජන ඡන්දබල අයිතියේ ජයග්‍රහණය වෙනුවෙන් සමගි ජනබලවේගය පෙනී සිටිනවා – සජිත් (VIDEO)

මැතිවරණ පැවැත්විය යුතු කාල වකවානුව පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කර තිබෙන නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් විහිලුවට ලක් කරන යුගයක් වර්තමානය වනවිට නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්, ජනතා පරමාධිපත්‍ය රජයන රටක් ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණු තුන වන විධායක, ව්‍යවස්ථාදායකය, අධිකරණය, බලය බෙදා දීම සංවරණ සහ තුළණ ප්‍රතිපත්ති තුළ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ස්ථාපනය වී ඇති බවයි සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ.

පවතින රජයත් ජනාධිපතිවරයාත් ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයකට යොමුවන බව රටේ බහුතර ජනතාවගේ මතයක් තිබෙන බවත් ජනතා පරමාධිපත්‍ය පිළිබඳව, මැතිවරණ පිළිබඳව, ජනතාවගේ ස්වෛරීත්වය, ප්‍රජාතන්ත්‍රවාදය කතා කරමින් කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරමින් ජන වරමක් නැති ජනාධිපතිවරයා තමන්ගේ බලය පවත්වාගෙන යාමට ව්‍යවස්තා විරෝධි ක්‍රමවේදයන් අනුගමනය කිරිම ලැජ්ජා සහගත ක්‍රියාවලියක් බවත් විපක්ෂ නායකතුමා පැවැසීය.

පළාත් පාලන මැතිවරණ නොපවත්වා සිදුකළ කටයුත්ත ජනාධිපතිවරණය සඳහාත් යොදාගනිවිදැයි කියන සැකය මතුවෙන බවත් පළාත් පාලන ආයතන වල සභිකයින් ප්‍රමාණය අඩු කරන්න අවශ්‍ය බවත් සීමා නිර්ණය කිරීමට අවශ්‍ය බවත් මැතිවරණය පවත්වන්න මුදල් නොමැති බවත් මැතිවරණ කොමිසමේ සමාජිකයන්ව ජනාධිපතිවරයා කැඳවනු ලැබූ බවත් රාජ්‍ය පරිපාලන ලේකම්වරයා හරහා ඇප භාර ගැනීම නතර කරන ලෙස තේරීම් භාර නිලධාරීන්ට උපදෙස් දුන් බවත් ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරන ලෙස රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට බලපෑම් කළ බවත් එවැනි තත්ත්යක් තුළ සාධාරණ සැකයක් ජනාධිපතිවරණය පිළිබඳව මතුවන බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.

මැතිවරණ නියාමනය සම්බන්ධයෙන් පනත් කෙටුම්පත් ගෙන ඒමට කටයුතු කළ බවත් තරුණ නියෝජනය ගැන යෝජනා ගෙන ඒමට කටයුතු කළ බවත් මැතිවරණ පැවැත්තුවොත් නියමිත දිනයට රාජ්‍ය සේවක වැටුප් ලබාදීමට නොහැකි බව ප්‍රකාශ කළ බවත් මැතිවරණ කොමිසමේ නියෝජිතයන්ට ඉවත් වන ලෙස මරණ තර්ජන ගෙන ආ බවත් මැතිවරණ කොමිසමේ ගණ පූර්ණයටත් බලපෑම් එල්ල කළ බවත් මැතිවරණ කොමිසමේ සිටි හිටපු සාමාජිකාවකට තැග්ගක් දෙන්නත් ආණ්ඩුව කටයුතු කළ බවත් මේ කරුණු හේතුවෙන් ජනාධිපතිවරණය පිළිබඳව සාධාරණ සැකයක් මතුවෙන බවත් මැතිවරණයක් කැඳවා ඇති මොහොතක කොමිසම සඳහා සාමාජිකයන් පත් කිරීමටත් අයදුම්පත් කැඳවීමක් සිදුකළ බවත් රජයේ මූල්‍ය ප්‍රවාහය ගලා යාමට බාධා කරමින් වියදම් සීමා ඇතුළත් කරපු චක්‍රලේකයකුත් ඉදිරිපත් කළ බවත් විපක්ෂ නායකවරයා කීය.

2019 පසුව පත්වුණ ආණ්ඩුව විශ්‍රාමිකයාගේ සිට ගොවීන්ගේ, ධීවරයින්ගේ, කම්කරුවාගේ, ව්‍යවසායකයාගේ, කර්මාන්තකරුවා සහ කුඩා දරුවාගේ සිට මව් පරපුර විනාශ කර දැමූ බවත් 2019 දී බලයට පත්වුණ ආණ්ඩුව රට බංකොලොත් කළ බවත් බිලියන 700 ක රාජ්‍ය ආදායම නැති කළ බවත් දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආදායම සියයට 12 සිට සියයට 8 දක්වා අඩු කළ බවත් fitch moody’s standard & poor’s ratings වලින් ශ්‍රේණිගත කිරීම් පතුලටම බස්සා රට විනාශ කරලා විනාශ වුණ කාලයට වඩා අද හොද බව ආණ්ඩුව ප්‍රකාශ කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය

වර්තමාන රජය සාමාන්‍යයන් නිර්මාණය කර ඇති බවත් ඒ සාමාන්‍යය ජනාධිපතිවරයාට, කැබිනට් මණ්ඩලයට සහ රජයට සුභවාදී සාමාන්‍යයක් බවත් නමුත් ලක්ෂ 220 ක් ජනතාවගේ ජනජීවිත කුඩා කර දුප්පත්කම වැඩි කර ඇති බවත් ලක්ෂ 220 ක් ජනතාවගේ ආර්ථික අහේනිය ඉහළ ගොස් ඇති බවත් රජයේ සංඛ්‍යා ලේඛන අනුව රටේ ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාන ව්‍යාපාර ලක්ෂ දෙකත් තුනත් අතර වැසී ගොස් ඇති බවත් එවැනි තත්ත්වයක් තුළ රටේ සාමාන්‍යයක් නිර්මාණය වී ඇති බවත රජය පවසන බවත් බංකොලොත් වුණ රටේ ජනතාවගේ මුදල් සොරකම් කළ පිරිසට, මත්පැන් බලපත්‍ර වලින් පගා ගැසූ පිරිසට මුදල් වල රහ වැටුණු පිරිසට සාමාන්‍යයක් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මුදල් වල රහ වැටුණ පිරිස කෙසේ හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් කාලය දීර්ඝ කර ගන්න උත්සහ කරන බවත් ව්‍යවස්ථා විරෝධි කටයුතු සිදුනොකර බිය නොවී ජනතාව ඉදිරියට පැමිණ ජනතා තීන්දුවට හිස නැමීමට කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

පළාත් පාලන මැතිවරණය කඩාකප්පල් කරන්න කුමන්ත්‍රණ ක්‍රියාත්මක කළ බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාදායකය පිළිබඳව තිබෙන වගන්ති උල්ලංඝනය කර ඇති බවත් ව්‍යවස්ථා විරෝධීව රජයේ පත්වීම් සිදුකර ඇති බවත් එලෙස අත්තනෝමතිකව ක්‍රියාකරන විට ජනාධිපතිවරණයට පික් පොක්ට් ගසාවි කියන සාධාරණ සැකය මතුවෙන බවත් ජනතා හඩට ඉඩක් ලබාදෙන්න, ජනතා මතයට ඉඩක් ලබාදෙන්න, ජනතාවට සවන් දෙන්න, ජනතාවගේ සිතුම් පැතුම් හදුනාගන්නා ලෙසත් ජනතාව බලයේ ඉන්න ජනවරමක් දුන්නොත් සිටින ලෙසත් ජනවරමක් ලබා නොදුන්නොත් යා යුතු බවත් එය මහත්මා දේශපාලනය බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරණය පැවැත්විය යුතු කාල සීමාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වී තිබෙන බවත් රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය නොකර රටේ උත්තරීතර නීතිය උල්ලංඝනය නොකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන ලෙස නැවත යෝජනාවක් ගෙනත් ප්‍රකාශ කරන්න සිදුවන බවත් රටේ නීතිය හා සාමය ක්‍රියාත්ම කිරීමට අවශ්‍ය පහසුකම් නොමැති බවත් පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය මානව සම්පත භෞතික සම්පත නොමැති බවත් නමුත් ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් කෝටි ගණනක මුදල් වියදම් කර ප්‍රජා පොලිස් ව්‍යාපෘතිය නමින් වැඩසටහක් නිර්මාණය කර ජනතාව වැල්ලවායට ගෙන ගොස් ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීම් තියන්න මුදල් තිබෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan