Stranger Things සීසන් පහ එළිදැක්වීම පිළිබඳ ඉඟියක්!

Date:

සටහන – පුන්සරා ලියනගේ
ජූලි 17, (LNW) කොළඹ:
Stranger Things ඔබ අප සැවොම ආසා කරන ත්‍රාසය භීතිය කුතුහලය කැටි කර නිෂ්පාදනය වූ කතා මාලාවක් බව රොහසකි. ඔන්න Stranger Things ෆෑන්ලට නම් මේක සුභ ආරංචියක් වනු ඇතැයි පැවසිය යුතුය.

Stranger Things නිෂ්පාදකයින් එහි පස්වන වාරයේ ආරම්භක වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය වෙත මුදාහල පසුව ස්ට්‍රේන්ජර් තින්ග්ස් රසිකයින් කැළඹී ඇති බව වාර්තා වේ.

Netflix විද්‍යා ප්‍රබන්ධ නාට්‍යයක් වන මෙය, ප්‍රථමයෙන් 2016 ජූලි මාසයේදී නිකුත් කරන ලදී. ලොකු කුඩා සියලු දෙනා අතරේ ජනප්‍රියත්වයක් ඉසිලූ මෙම නිර්මාණයෙහි 5 වන වාරය මෙලෙස ආරම්භ වීමට නියමිත බැවින් නැවත එහි රසිකයන් හිස ඔසවමින් සිටී.

එහි මංගල දර්ශනයේ අටවන සංවත්සරය සැමරීම සඳහා, නිෂ්පාදකයින් තිරය පිටුපස ක්ලිප් එකක් උඩුගත කරන ලද අතර, කාර්ය මණ්ඩලය පස්වන වාරයේ රූගත කිරීම් අඩක් අවසන් කර ඇති බව ද නිවේදනය කර තිබුණි.

Stranger Things හි මෙම කථාංග මාලාවට තවමත් නිල නිකුත් කිරීමේ දිනයක් නොමැති නමුත් ලබන වසරේ එළිදැක්විය හැකි බවට යෝජනා කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බොරලැස්ගමුවේ වෙඩිතැබීමක්. තරුණයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී අද...

මර්දනයට ලෑස්ති වෙන්න එපා, අපේ ඉවසීමෙත් සීමාවක් තියෙනවා – නාමල් ආණ්ඩුවට කියයි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ටෙන්ඩර් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව එල්ල...

රනිල්ව සිරගත කිරීම : රජයේ කිසිදු මැදිහත් වීමක් හෝ පළිගැනීමක් නෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත...

GMOA දීපව්‍යාප්ත වැඩවර්ජනයකට දින නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ඉල්ලීම් 4ක් මුල්කර ගනිමින් 2025 අගෝස්තු...