පුංචි ශෂිනි ගැන ලොකු විශ්වාසයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජූලි 16, (LNW) කොළඹ :

ජූලි 19 වන දා ශ්‍රී ලංකාවේදී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තේරීමේදි 15 හැවිරිදි ශෂිනි ගිම්හානි කණ්ඩායමේ රඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.ශ්‍රී ලංකාව මුල් වටයේ තරග කරන්නේ මැලේසියාව,බංගලාදේශය සහ තායිලන්තය සමඟ බැවින් ශෂිනිට තරග අවස්ථාවන් ලබා දෙමින් අනාගතයට අත්දැකීම් ලබා දීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කිරිම අනාගතයට පලදායි ආයෝජනයක් වනු ඇතැයි සිතිය හැකියි.


අත්දැකීම් සහිත ප්‍රවීන මෙන්ම තරුණ ක්‍රීඩිකාවන් අතර තරගය තුළ රැද සිටීමද පුංචි ශෂිනිට විශාල අත්දැකීමක් වනු ඇති අතර ඇය සම්බන්ධයෙන් විශාල බලාපොරොත්තුවකින් කරන ආයෝජනයක් හැටියට ආසියානු කුසලාන තරගාවලියේ කණ්ඩායමේ සංචිතයේ ඉඩක් ලබා දීම හැඳින්විය හැකියි.ශෂිනිට එම අවස්ථාව දෙමින් මෙම සංචිතයට ඉනෝකා රණවීර සහ ඕෂධි රණසිංහ කැඳවීමට පියවර ගෙන නැහැ.


නම් කර ඇති ශ්‍රී සංචිතය
චමරි අතපත්තු,හර්ෂිතා සමරවික්‍රම,විශ්මි ගුණරත්න,හසිනි පෙරේරා.අනුෂ්කා සංජීවනී,නිලක්ෂි ද සිල්වා,කවීශා දිල්හාරි,අමා කාංචනා,ඉනෝශි ප්‍රියදර්ශනී,අචිනි කෞශල්‍යයා,සුගන්ධිකා කුමාරි,ශෂිනි ගිම්හානි,උදේශිකා ප්‍රබෝධනී,සචිනි නිසංසලා සහ කාව්‍යා කාවින්දි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය: බදු ප්‍රතිපත්තියේ වෙනසක්!

කොළඹ LNW: 2026 වසර වෙනුවෙන් අයවැය ඉදිරිපත් කිරීම ඉදිරියේදී...

මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...

දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...

නිහඬව මිලියන ගණනක් අහිමි වීම: ශ්‍රී ලංකාව දැන් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුත්තේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : ලංකා වැවිලිකරුවන්ගේ සංගමය...