තායිලන්තය වීසා රහිතව තම රටට පැමිණීමට රටවල් 93කට දොරඟුලු හරියි!

Date:

සටහන – පුන්සරා ලියනගේ
ජූලි 17, (LNW) කොළඹ:
තායිලන්තය සිය සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කිරීමට උත්සාහ කරන බැවින් වීසා රහිතව තම රටට ඇතුළු වීමේ හැකියාව සලසමින් රටවල් 93 කට මෙම ක්‍රියාවලිය ව්‍යාප්ත කර තිබේ.

සඳුදා සිට ක්‍රියාත්මක වූ නව යෝජනා ක්‍රමය යටතේ සංචාරකයන්ට දින 60 ක් දක්වා රට තුළ වීසා රහිතව රැඳී සිටිය හැකිය.

මීට පෙර රටවල් 57 ක විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට වීසා නොමැතිව තායිලන්තයට ඇතුළු වීමට අවසර ලබා දී ඇත.

සංචාරක ව්‍යාපාරය තායි ආර්ථිකයේ ප්‍රධාන කුළුණක් වන නමුත් එය COVID-19 වසංගතයෙන් පසු තවමත් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වී නොමැත.

නිල දත්ත වලට අනුව, 2024 පළමු මාස ​​හය තුළ තායිලන්තයට විදේශීය සංචාරකයින් මිලියන 17.5 ක් පැමිණ ඇති අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා 35% ක වැඩි වීමකි.

බොහෝ සංචාරකයන් චීනය, මැලේසියාව සහ ඉන්දියාවෙන් පැමිණෙන අයවලුන් වේ. මෙම වීසා රහිතව සංචාරකයන්ට පැමිණීමට ලබා දෙන ඉඩ ප්‍රස්තාව තුළින් තායිලන්තය නැවත සංචාරක පැමිණීම අතින් ඉහළ ස්ථානයක නම් දරනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...