හැකි ඉක්මණින් ජනාධිපතිවරණයට දින දෙන්න – NPP මැතිවරණ කොමිසමෙන් ඉල්ලයි!

Date:

කොළඹ LNW:හැකි ඉක්මණින් ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කරන ලෙස ජාතික ජන බලවේගය අද (17) මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියේය.

ඒ, අද (17) පැලවත්ත ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

එම මධ්‍යහමුවට එක්වෙමින් ජාතික ජන බලවේගය වෙනුවෙන් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පැවසුවේ සුපුරුදු පරිදි පාලක පන්තීන් සිදුකළ ආකාරයට මේ ආණ්ඩුවද මැතිවරණය ඉලක්ක කරගෙන ජනතාව රවටමින් සිටින බවයි.

”අපි දන්නවා මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ ඇතුළු වර්තමාන පාලකයෝ ඉතාම අසරණ වෙලා.බියවෙලා.සලිත වෙලා. ඒ නිසා තමයි මේ විවිධ ක්‍රියාමාර්ග ගනිමින් නොයෙක් ආකාරයෙන් ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වාලන්න,කල්දමන්න අවශ්‍ය කරන නොයෙක් උප්පරවැට්ටි යොදන්නේ. මේ වෙද්දී පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වෙලා ඒ පෙත්සම් දෙකම නිෂ්ප්‍රභා වෙලා තියෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා අධිකරණය ඉතාම පැහැදිලි තීරණයක ඉන්නවා ජනාධිපතිගේ ධූර කාලය අවුරුදු පහයි, මැතිවරණය ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතුයි කියල. මේ අතර ආණ්ඩුව තවත් උප්පරවැට්ටියක් යොදමින් ඉන්නවා මේ වෙලාවේ ජනතාව ළඟට අලුත් ප්‍රවෘත්තියක් ලබාදෙමින් ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතාකරමින් ඉන්නවා. ඉතින් ඒ පසුබිමේ තමයි අපි අද මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින්නේ ඉක්මණින් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කරන්න කියල. ඒ වගේම මේ පාලකයෝ ජනතාව රැවටීමේ සුපුරුදු සෙල්ලම් ඒ කියන්නේ මීට ඉහත මැතිවරණ වලදී ජනතාව රවටන්න නොයෙක් ආකාරයෙන් කටයුතු කළා. මෙවරත් ඒ සුපුරුදු ක්‍රීඩාව ඒගොල්ලෝ කරමින් ඉන්නවා. වසර ආරම්භයේදීම අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලක්ෂ 2000ක් වෙන්කරගත්තා පරිපූරක ඇස්තමේන්තුවකින්. මෑතකදී කෝටි 875ක් වෙන්කරගත්තා එයාගේ වියදම් වෙනුවෙන්. ඉතින් මේ සියල්ල පාවිච්චි කරනවා ජන්දය ඉලක්ක කරගෙන අස්වැසුම ලබාදෙන්න. හාල් ලබාදෙන්න. විදුලි බිල් අඩු කිරීමට,විශ්‍රාමික හමුදා සාමාජිකයින්ට අලුත් සැලකිලි දෙන්න.ශිෂ්‍යත්ව නිර්මාණය කරන්න.ජනාධිපති අරමුදලින් විවිධ රෝගාබාධවලට උදව් කරන්න. මේ කරන්නේ මෙතෙක් ඉතිහාසයේ මැතිවරණ ඉල්ලක්ක කරගෙන සියලු පාලක පන්තීන් විසින් කරපු ක්‍රියාදාමයම තමයි.” යනුවෙන් අබේසිංහ මහතා වඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...