අපේ අපේක්ෂකයා දැම්මාම තේරෙයි කොච්චර බලගතු කෙනෙක්ද අපි දාන්නෙ කියලා – මහින්ද රාජපක්ෂ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා නිසි වේලාවට කරළියට ගෙන එන බවත් ඊට තවත් කල් වේලා ඇති බවත් එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ප්‍රශ්නය – අද ඉඳලා මැතිවරණ කොමිසමට බලය පැවරෙනවා මැතිවරණය සම්බන්ධයෙන්. කවුද අපේක්ෂකයා ?

“ඒක වෙලාවට කියන්නම්. දැන්ම කියන්න බෑ …”

ප්‍රශ්නය – දැන් මැතිවරණයට ඔක්කොම නියම වෙලා ඉවරයිනෙ ?

“නෑ, නෑ, වෙලාවට අපි කියනවා. තව වෙලාව තියෙනවා. ඉන්නකො …. අපේක්ෂකයා දැම්මාම තේරෙයි කොච්චර බලගතු එක්කෙනෙක්ද අපි දාන්නෙ කියලා”

ප්‍රශ්නය – ඒ කියන්නෙ පොහොට්ටුවෙ අපේක්ෂකයෙක්ද එන්නෙ ?

“පොහොට්ටුවෙම තමයි ඉතින්. පොහොට්ටුවෙන් උදව් කරන්නෙ පොහොට්ටුවටනෙ”

ප්‍රශ්නය – දැන් පොදු අපේක්ෂකයෙක් ගැනත් කතා කරනවා මේ අවස්ථාවේදී ජනාධිපතිතුමා එහෙම ?

“ඔව් ඉතින්, පොදු වෙන්නත් පුළුවන්”

ප්‍රශ්නය – පොදු අපේක්ෂකයෙක්ද දාන්නෙ ?

“අනිත් අයගේ සහයෝගය අරගෙන එපැයි දාන්න … අපි හැමදාම කළේ පොදු අපේක්ෂකයෙක්නෙ”

ප්‍රශ්නය – ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න ඔබතුමාලාගේ අපේක්ෂාවක් තියෙනවාද ?

“තාම නම් නෑ එහෙම එකක් ….”

ප්‍රශ්නය – ඔබතුමාලාම පත් කළා පාර්ලිමේන්තුවේ බහුතරයක් දීලා …?

“ඔව් ඉතින් එහෙම තමයි … ඒ වෙලාවට බලමු … එයා අපෙත් එක්ක ලෑස්ති නම් යන්න, අපි සහයෝගය දෙනවා සම්පූර්ණයෙන්ම”

ප්‍රශ්නය – ඔබතුමාලාගෙ කොන්දේසිය මොකක්ද ඒ සම්බන්ධයෙන් ?

“කොන්දේසි ඔයාලාට කියන්න බැහැනෙ …”

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (17) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනිසියුලාව සමඟ යුද්ධයක යාමට ඉඩ ඇති බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය වෙනිසියුලාව...

2026 අයවැය: බදු ප්‍රතිපත්තියේ වෙනසක්!

කොළඹ LNW: 2026 වසර වෙනුවෙන් අයවැය ඉදිරිපත් කිරීම ඉදිරියේදී...

මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...

දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...