*
Monday, November 25, 2024
spot_img

Latest Posts

ලාල්කාන්ත ප්‍රසිද්ධියේ කළ තර්ජනයක් ගැන මහනුවර පොලීසියට පැමිණිල්ලක්

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ ප්‍රචාරක පුවරුවක් ඉවත් කිරීම හේතුවෙන් එම පක්ෂයේ විධායක සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා තමන් ඇතුළු නගරසභා සේවකයින්ට ප්‍රසිද්ධියේ කළ තර්ජනයක් පිළිබඳව මහනුවර මහ නගරසභාවේ වැටලීම් අංශයේ ප්‍රධානී අනුර වස්ගේවත්ත මහතා විසින් මහනුවර පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම සිදුවීම සිදුව තිබුණේ “පුනරුදයට රටම එකට” මැයෙන් ජුලි 16 වනදා මහනුවරදී පැවති ජාතික ජන බලවේගයේ ප්‍රචාරණ රැලියක් අවස්ථාවේදී ය. එම රැලියට පෙර මහනුවර ඔරලෝසු කණුව ආසන්නයේ පිහිටුවා තිබූ ජාජබ ප්‍රචාරණ පුවරුවක් ඉවත් කිරීමට මහනුවර මහ නගරසභාවේ වැටලීම් අංශය කටයුතු කර තිබුණු අතර රැලිය අමතමින් කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවසුවේ එවැනි කටයුතු කරන අයව තම ආණ්ඩුවක් යටතේ පුනරුත්ථාපනයට යවන බවකි.

“මේ රැස්වීම සංවිධානය කරද්දී අපට ආවා බාධාවක්. එයාගෙ නම වස්තිවත්තගේ. එයා නගරසභාවේ වැටලීම් අංශයේ ප්‍රධානියා. අපේ නගරසභාවේ මන්ත්‍රී විජේනායක සහෝදරයා ඉන්නවා. එයාට එක පාරට කෝල් එකක් එනවා. ඒ කෝල් එකට අනුව විජේනායක සහෝදරයා ඉක්මනින්ම එනවා මෙතන ඔරලෝසු කණුව ළඟට. එතන යකඩ වැටේ අපේ ලොකු ප්‍රචාරක කටවුට් එකක් තිබ්බා. ආපු කෝල් එක තමයි කවුරුහරි කණ්ඩායමක් මේ කටවුට් එක ගලවනවා. බැලුවාම නගරසභාවේ සේවක මහත්තුරු තමයි ගලවන්නේ. ඒගොල්ලොන්ට කියලා තියෙනවා මේ වස්තිවත්තගේ කියන …. – වස්කිද ? … වස්ගේ ? මං දන්නෑ මොකෙක්ද කියලා – කියලා තියෙනවා මේක ගලවන්න කියලා. මේ තනිකර පෞද්ගලික රුදාවක් හැදිලා එයාට. ඒ රුදාවට අනුව මේ කටවුට් එක ගලවන්න කියලා තියෙන්නෙ. එයා නගරසභාවේ සේවකයො පාවිච්චි කළා ඒකට. දැන් මේ ජාතියේ කට්ටියකට පුනරුද යුගය ආවාට පස්සෙ මොකක්ද කරන්නෙ ? මුංව පුනරුත්ථාපනය කරන්න ඕනෙ ඉතිං, වෙන මොනවා කරන්නද නේද ?”

ඒ අනුව කේ. ඩී. ලාල්කාන්ත මහතාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මහනුවර මහ නගරසභාවේ නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මියගේ උපදෙස් පරිදි අනුර වස්ගේවත්ත මහතා මහනුවර පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

අදාළ ප්‍රචාරක පුවත් ඉවත් කිරීම තමන්ගේ නියෝගයක් මත සිදුවූවක් බව මාධ්‍ය කළ විමසීමකදී පැවසූ නාගරික කොමසාරිස්වරිය මහනගර සභා ආඥාපනතේ විධිවිධාන යටතේ මහනුවර මහනගර සභාවේ ප්‍රධානී අනුර වස්ගේවත්ත සියලුම අනවසර ප්‍රචාරක පුවරු ඉවත් කිරීමට ලිඛිතව බලතල පැවරුණු නිලධාරියෙකු බවත් සඳහන් කළාය. ජාජබ හිටපු නාගරික මන්ත්‍රීවරයකුගේ මැදිහත්වීමෙන් මෙම පුවරුව සවිකර තිබූ අතර එය ඉවත් කරගන්නා ලෙස ඔවුන්ව දැනුවත් කළ බවත් එය ආරක්ෂිතව ඉවත් කිරීම සඳහා ඔවුන්ට මහනුවර මහනගර සභාවේ සහාය ලබාදුන් බවත් නාගරික කොමසාරිස්වරිය වැඩිදුරටත් පැවසුවාය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan