දිව්‍යලෝකේ කඩන් වැටුණත් ජනාධිපතිවරණය වළක්වන්න බැහැ – මහින්ද දේශප්‍රිය

Date:

කොළඹ LNW: ජනමත විචාරණයකින් ජනාධිපතිවරණය කල්දමා ගැනීම සඳහා පළමුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අනුමැතිය ගත යුතු වන අතර අනතුරුව පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකක් ගත යුතු හෙයින් එය කවදාවත් සිදුනොවන බව හිටපු මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසා ඇති අන්දමට ලබන සතියේ මැතිවරණයට දින ප්‍රකාශ කළහොත් සැප්තැම්බර් මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්විය හැකි බවයි දේශප්‍රිය මහතා සඳහන් කරන්නේ.

දැන් ජනාධිපතිවරණය කල්දැමීමට වෙලාවක් නොමැති අතර දිව්‍ය ලෝකය කඩන් වැටුණත් ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්විය නොහැකි අබ්වයි හෙතෙම අවධාරණය කළේ.

ජනාධිපතිවරණය කල්දැමීමටත් ජනමත විචාරණයක් අවශ්‍ය හෙයින් දැනට සිටින අපේක්ෂකයින් මැතිවරණය කල්දැමීමට විරුද්ධ නම් පක්ෂව ජන්දය දෙන්නේ කවුද යන්නයි දේශප්‍රිය මහතා මතුකරන්නේ.

ඔහු මෙම අදහස් පළකළේ මැතිවරණ සමබන්ධයෙන් ඊයේ (19) කොළඹදී මාධ්‍ය වෙත කරුණු දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...