දකුණු කොරියාවේ සෞඛ්‍ය රක්‍ෂණ ප්‍රතිලාභ ලබා ගැනීමට සමරිසි අයවලුන්ටත් අයිතියක්!

0
168

සටහන – පුන්සරා ලියනගේ

ජූලි 20, (LNW) කොළඹ: සමරිසි සහකරුවන් සඳහා රජය විසින් සෞඛ්‍ය රක්ෂණයක් ලබා දිය යුතු බව දකුණු කොරියාවේ ඉහළ අධිකරණය ප්‍රකාශයට පත්කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් බ්‍රහස්පතින්දා සුවිශේෂී තීන්දුවක් ලබා දුන් අතර, සමරිසි පුද්ගල විවාහ වලදී ඔවුන්ගේ සහකරුගේ සෞඛ්‍ය රක්‍ෂණය මත යැපෙන්නන් ලෙස දැන් ලියාපදිංචි වීමට මාර්ගය විවෘත කර තිබීම මෙහි විශේෂ වූ තීරණයන් අතර විය.

මීට පෙර සමරිසි ජෝඩුවලට එවැනි ප්‍රතිලාභ ලබාදීම ප්‍රතික්ෂේප කිරීම ලිංගික දිශානතිය මත පදනම් වූ වෙනස්කම් කිරීමක් බව අගවිනිසුරු ජෝ හී-ඩේ පැවසීය.

මෙම නව තීරණය මඟින් ඔවුන්ට ද සෞඛ්‍ය රක්ෂණ ක්‍රියාවලියකට එක්කාසු වීමේ හැකියාව ලැබෙනු ඇත.