මාලිමා රජය යටතේ කළු සල්ලි සුදු කරන්න දෙනවා. ඒ සල්ලි හම්බ කරපු හැටි හොයහොයා ඉන්න අපට වෙලාවක් නෑ – හඳුන්නෙත්ති

Date:

ඉදිරි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ රාජ්‍ය ව්‍යාපෘති අරමුදලක් පිහිටුවන බවත් ඊට මෙතෙක් ආර්ථික ක්‍රියාවලියට නීත්‍යානුකූලව එකතු නොවූ මුදල් හෙවත් කළු සල්ලි ද ආයෝජනය කළ හැකි බවත් එම පක්ෂයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

තමන් විමර්ශනය කරන්නේ දේශපාලනඥයින් අනීතික ලෙස ඉපයූ මුදල් ගැන පමණක් බව පැවසූ ඒ මහතා රාජ්‍ය ව්‍යාපෘති අරමුදලට ආයෝජනය කරන අය මුදල් ඉපයූ ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට තමන්ට වේලාවක් නොමැති බවයි සඳහන් කළේ.

“විශේෂයෙන්ම අපේ පාලනය තුළ අපි බලාපොරොත්තු වෙනවා රාජ්‍ය ව්‍යාපෘති අරමුදලක් ආරම්භ කරන්න. ඒ රාජ්‍ය ව්‍යාපෘති අරමුදලට මෙතෙක් මේ ක්‍රමය ඇතුළේ ජාතික ආර්ථිකයට දායක නොවෙච්ච, ආර්ථික ක්‍රියාවලියට නීත්‍යානුකූලව එකතු නොවෙච්ච උපයපු සල්ලි තියෙනවා මිනිස්සුන්ගෙ, ඒවා කළු සල්ලි වෙන්න පුළුවන් දැන් මේ වෙලාවේදී. නමුත් අපි විවෘත කරනවා රාජ්‍ය ව්‍යාපෘති අරමුදලට ලංකාවේ ඕනෑම පුද්ගලයෙකුට ආයෝජනය කරන්න පුළුවන් හැකියාවක්. ඔවුන් හොයපු ආකාරය අපට හොයහොයා යන්න වෙලාවක් නෑ. එහෙම හොයහොයා ගිහින් අපට පරීක්ෂණ කරන්න පුළුවන් දේශපාලනඥයෝ ගැන. රනිල් වික්‍රමසිංහ ළඟ තියෙන ඉතුරු ෆයිල් ටික අපි හොයනවා අනිවාර්යයෙන්ම. රාජපක්ෂලාගෙ ෆයිල් ටික හොයනවා. ඒගොල්ලො දේශපාලන බලය පාවිච්චි කරලා මහජනතාවගෙන් මංකොල්ලකාපු හැම රුපියලක්ම නීත්‍යානුකූලව නැවත අය කරගන්නවා. හැබැයි ඒ වගේම හැම පුරවැසියෙකුටම රාජ්‍ය ව්‍යාපෘතිවලට විනිවිදභාවයක් සහිතව දායක වෙන්න පුළුවන් රාජ්‍ය ව්‍යාපෘති අරමුදලක් අපි ආරම්භ කරනවා”

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ පසුගියදා පොලොන්නරුවේදී පැවති ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ගේ සමුළුවක් අමතමිනි.

ජාතික ජන බලවේගයේ රජයක මුදල් අමාත්‍ය ධුරයට පත්වෙනු ඇතැයි සැලකෙන්නේ සුනිල් හඳුන්නෙත්ති මහතා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...