රනිල් විධායක ජනාධිපති ධුරයෙහි දිවුරුම් දී වසර දෙකයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දී අදට (21) වසර දෙකක් සපිරේ.

ජනාධිපති ධුරය උදෙසා 2022 ජුලි 20 වැනි පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී ඡන්ද 134ක් ලබාගනිමින් ජයග්‍රහණය කළ ඒ මහතා 2022 ජුලි 21 වනදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ ජනාධිපති ධුරයෙහි දිවුරුම් දුන්නේය.

දැවැන්ත ආර්ථික අර්බුදයකට රට මුහුණ දීම හේතුවෙන් බරපතළ දේශපාලන අර්බුදයකට ද රට තල්ලු වෙමින් පැවති අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම සහායෙන් ජනාධිපති ධුරයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට රටේ දේශපාලනය සහ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට ගෙන ඒමට සමත්ව සිටී.

1949 මාර්තු 24 වනදා උපත ලද ඒ මහතා 1970 වසරේදී කැළණිය ආසනයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසුණු අතර ගතවූ කාලය තුළ හය වතාවක් මෙරට අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කර ඇත.

2022 වසරේ පැවති අර්බුදය හමුවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුර කාලයේ අඩුව සම්පූර්ණ කිරීම උදෙසා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවක් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැති අතර එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් ප්‍රකාශ කරන්නේ ඒ මහතා අනිවාර්යයෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවකි.

තවත් මාස තුනක් ඇතුළත ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර මැතිවරණ කොමිසම පවසන්නේ ලබන සතියේදී ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත්කරන බවකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජෝති හිටියා නම් අදට 90 යි !

ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ හොඳම පසුබිම් ගායකයා වශයෙන් සැලකෙන...

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...