පිටිය කැළඹු 22 – රටම හොල්ලන විධායක සෙල්ලම!

Date:

කොළඹ LNW:අපේක්ෂිත ජනාධිපතිවරණ මැතිවරණයෙන් උණුසුම්ව තිබෙන දේශපාලන පිටිය යම් කැළඹීමකට පත්ව තිබෙන්නේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමඟින්. ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් මතු වූ සංවාදයට සමගාමීව ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් ද නිෂ්ප්‍රභ වූ වටපිටාවක ව්‍යවස්ථා සංශෝධනයේ සිදුව ඇති වරදක් නිවැරදි කිරීම වෙනුවෙන් කැබිනට් අනුමැතිය හිමි වූ 22 වැනි සංශෝධනය මේ වන විට ගැසට් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනය පළනොවන පසුබිමක් පැවතියද ඒ සියල්ල වෙනස් වී ජනාධිපතිවරයාගේ නියමයෙන් එය ගැසට් නිවේදනය පළකර තිබෙන නමුත් රජයේ පාර්ශවය මෙන්ම මැතිවරණ කොමිසමද පවසන්නේ එය ජනාධිපතිවරණ ජන්ද විමසීමට බාධාවක් නොවන බවයි. එහෙත් විපක්ෂය ඒ සම්බන්ධයෙන් පසුවන්නේ ස්ථාවර මතයක නොවේ. ඔවුන් පෙන්වා දෙන්නේ මෙය ජනාධිපතිවරණය කල්දැමීමේ රනිල් වික්‍රමසිංහ පාර්ශවයේ අවසන් තුරුම්පුව බවයි.

එහෙත් එය ජනාධිපතිවරණයට බාධාවක් නොවන බව මැතිවරණ කොමිසම පවසා තිබෙන පසුබිමක ජනධිපති රනිල් වික්‍රමසිංහ පාර්ශවය ද පවසන්නේ ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයා ලෙස වික්‍රමසිංහ මහතා සූදානම් බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත 22 වැනි සංශෝධනයට අදාළව ජනමත විචාරණයක් පැවැත්වීමට සිදුවූහොත් එය ජනාධිපතිවරණ ජන්ද විමසීමට බලපෑමක් සිනොවනු ඇතැයි සෘජුවම කිව නොහැකියි. පාර්ලිමේන්තුව තුළ විශේෂයෙන් ආණ්ඩු පක්ෂයේ හැසිරීම,පොහොට්ටුවේ ක්‍රියාකාරීත්වය මත දේශපාලන වටපිටවන් වෙනස් විය හැකියි. ආණ්ඩු පක්ෂයේ සිට ඉන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ මේ වන විට සර්ව ජන බලය සමඟ සිටින විමල් පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ පැහැදිලිවම පවසන්නේ විශේෂයෙන් පොහොට්ටුව විශ්වාස කළ නොහැකි බවයි. ඔවුන් 22 වැනි සංශෝධනයට සහය දීමේ ඉඩකඩක් ද ඇති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. යම් හෙයෙකින් ඔවුන් 22 වැනි සංශෝධනයට සහය නොදෙන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට වුවද ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවට ඔහු විශ්වාසය පළකර තිබෙනවා. එසේ වුවහොත් ජනාධිපතිවරණය මෙන්ම මහ මැතිවරණය එටම පැවැත්වීමේ සැලසුමක්ද ක්‍රියාත්මක නොවනු ඇතැයි කිව නොහැකියි.

මේ අතරම විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාත් තහවුරු කරන්නේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිවරණයට බාධාවක් නොවන බවයි. ඒ අනුව අමාත්‍යවරයා පවසන්නේ නියමිත පරිදි ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බවයි. කොහොමත් ජනාධිපතිවරණය ජන්ද විමසීම පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම විසින් ප්‍රකශ කර නොමැති පසුබිමක පවතින්නේ යම් දේශපාලන ව්‍යකූලත්වයක්. මේ ව්‍යකූලත්වය පහකර දැමිය හැක්කේද මැතිවරණ කොමිසමටමයි. ඉතින් එළඹෙන සතියේ පාර්ලිමේන්තුව මෙන්ම මැතිවරණ කොමිසමේ ක්‍රියාකාරීත්වය මත පිටියද අලුත් වී සටන ද අලුත් වනු ඇති.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බොල්සොනාරෝ නිවාස අඩස්සියේ තැබීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රාජ්‍ය කුමන්ත්‍රණයක් සැලසුම්...

නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරමින් නූතනවාදී කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපනය හරහා පිරිපුන් පුරවැසියන් නිර්මාණය වන...

රුසියානු තෙල් මිලදී ගන්නේ නම් තවදුරටත් තීරුබදු ඉහල දමන බව ට්‍රම්ප් ඉන්දියාවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර ගණනාවක සහයෝගීතාවයෙන්...

රනිල්ගේ පෞද්ගලික ලේකම්ගෙන් CIDය පැය හයක් ප්‍රශ්න කරයි. හිටපු ජනාධිපති ලේකම්ටත් කැඳවීමක්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික...