කතරගම දේවාලයේ ස්වර්ණ ප්‍රවේශය අද (21) විවෘත කෙරේ

Date:

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ස්වර්ණ ප්‍රවේශය අද (21) දිනයේ විවෘත කිරීමට නියමිතයි.

සංවිධායකයින් සදහන් කළේ ඇසළ මහා පෙරහරේ අවසන් දිනයේ උදෑසන, එනම් අද පෙරවරු 9.00ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ස්වර්ණ ප්‍රවේශය විවෘත කරන බවයි.

ඓතිහාසික වටිනාකමක් ඇති කතරගම දේවාලයේ දුටුගැමුණු රජ දවස පටන් මැණික් ගඟෙන් පා දෝවනය කර කතරගම දෙවියන් වන්දනා කිරීම සිදුකරනු ලබයි.

එම චාරිත්‍ර වාරිත්‍ර සුරැකීමේ අරමුණින් ස්වර්ණද්වාරයක් ( golden gate) මෙලෙස ජනතාව වෙනුවෙන් විවෘත කෙරේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් පරිදි ගුවන් හමුදා සෙබළුන්ගේ ශ්‍රමදාකත්වයෙන් මෙය ඉදිකිරීම විශේෂත්වයකි.

ඇසළ මහා පෙරහරේ අවසන් දිනය අද (21) රාත්‍රී පැවැත්වෙන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ අවස්ථාවට සහභාගිවීමට නියමිතය.

Katharagama123

Theleader.lk

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...

අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන - රුවන් නෙළුගොල්ල අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17)...