මාගේ විදේශීය සංචාරයන් සඳහා වැය වූ සියලුම වියදම් හෙළිකරනවා – අනුර

Date:

විදේශීය සංචාරයන් සඳහා වැය වූ සියලුම වියදම් පිළිබඳ තොරතුරු ජපන් සංචාරය අවසන් කර ශ්‍රී ලංකාවට පැමිණි විගස හෙළි කරන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පැවැසීය.

මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළේ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සහ ව්‍යාපාරිකයන් සඳහා එරටදී ඊයේ (21 වැනිදා) පැවති ජන හමුවකදීය.

අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා පසුගිය කාලයේ දේශපාලන රැස්වීම් පැවැත්වීම සඳහා රටවල් 14කට ගොස් රුපියල් මිලියන 70කට අධික මුදල් ප්‍රමාණයක් වියදම් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේම්නාත් සී. දොලවත්ත දෙරණ වාද පිටිය වැඩසටහනට එක්වෙමින් පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

ඊට පිළිතුරු ලබා දෙමින් අනුර කුමාර මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ තමාගේ විදේශ සංචාර සඳහා වැය කරනු ලැබුවේ ආණ්ඩුවේ මුදල් නොවන බවට සහතිකයක් ලබා දිය හැකි බවය.

“ඒ වගේම මම අපේක්ෂා කරනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුර කාලයේදී විදේශ සංචාර සඳහා රජය දරපු වියදමත්, හරින් ප්‍රනාන්දු සංචාරක ඇමති වුණාට පස්සේ එතුමාගේ සංචාර වියදමුත් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මනුෂ නානායක්කාරගේ විදේශ සංචාර සඳහා රජය විසින් දරපු වියදම් ප්‍රමාණයත් හෙළි කරන්නැයි ඉල්ලනවා.” යනුවෙන් NPP නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...