නිපුනි සහ නෙත්මි පදක්කම්වලට කිට්ටුවෙන්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 22, (LNW) කොළඹ :


තායිලන්තයේ පැවත්වෙන අවුරුදු 20 න් පහළ ආසියානු කාන්තා මල්ලවපොර තරගාවලි නියෝජනය කරන නිපුනි වාසනා සහ නෙත්මි අහිංසා අවසන් පූර්ව තරග සඳහා අපරාජිතව ප්‍රවේශ වෙන්නට සමත් වී සිටිනවා.


කිලෝ ග්‍රෑම් 50 බර පංතියෙන් තරගයට පිවිසෙන නිපුනි සිය ප්‍රතිවාදීන් වූ මොංගෝලියාවේ නෝමින් චින්ෂොරිග් සහ දකුණු කොරියාවේ සොල්මි ලී පරාජය කරමින් අවසාන පූර්ව වටයව පිවිස සිටිනවා.නිපුනි වින්ෂොරිග් සමඟ තරගය ලකුණු 2 – 1 ක් ලෙස ජය ගන්නට සමත් වුණා.ඇය ලී ව පරාජයට පත් කළේ 8 – 0 ක් ලෙසයි.


කිලෝ ග්‍රෑම් 53 බර පංතියෙන් තරග වඳින නෙත්මි අහිංසා විසින් පළමු සටනේ දී මොංගෝලියාවේ සූවෝ ගැන්ක්හුයාග් ලකුනු 11 – 0 ට පරාජයට පත් කරන්නට සමත් වුණා.උස්බෙකිස්තානයේ ෂන්ඩුගාස් ඩිජෙන්බේවා ද නෙත්මි ඉදිරියේ 10 – 0 ට පරාජය ට පත් වී තිබෙනවා.


කිලෝ ග්‍රෑම් 55 බර පංතියේ තරග වදින චමෝද්‍යා කේෂානි තරග පිමට පිවිසෙන්නට නියමිත අතර කිලෝ ග්‍රෑම් 62 බර පංතියෙන් තරග වදින කෝෂිලා දිල්රුක්ෂි ද තරග බිමට පිවිසෙන්නට සූදානමින් සිටිනවා.කිලෝ ග්‍රැම් 59 බර පංතියෙන් තරග වඳින හිරුනි අපර්ණා කසකස්තානයේ ඇන්ජෙලිනා පෙර්වුකිනා ඉදිරියේ ලකුණු 10 – 0 ක ලෙස පරාජයට පත් වුණා.

තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභාව : සර්වජන බලයේ සහායත් විපක්ෂයේ අපේක්ෂකයාට !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා අද (16)...

අවසන් මොහොතේ සාගල එජාපයට නියෝජ්‍ය නගරාධිපති ලබාගැනීමේ අවස්ථාව විනාශ කරයි ?

කොළඹ නියෝජ්‍ය නගරාධිපති ධුරය එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීමට තිබූ...

කොළඹ එජාප කණ්ඩායම උදෙන්ම සාගලගේ නිවසේ රැස්වෙයි. ඒකමතික තීන්දු දෙකක් !

කොළඹ මහ නගර සභාව සඳහා තේරී පත්ව සිටින එක්සත්...