කටුනායක ඉංජිනේරු තාක්ෂණ ඩිප්ලෝමාව උපාධිය දක්වා ඉහළට!

Date:

කොළඹ LNW:කටුනායක ඉංජිනේරු තාක්ෂණ ඩිප්ලෝමාව ඉංජිනේරු තාක්ෂණ උපාධියක් දක්වා ඉහළ නැංවීම සඳහා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය හා ජාතික ආධුනික්තව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

කටුනායක, තාක්ෂණඥයින් පුහුණු කිරීමේ ආයතනය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය යටතේ 1985 දී ආරම්භ කරනු ලැබ ඇති අතර, එය 2006 වසරේ සිට ඉංජිනේරු තාක්ෂණ ආයතනය ලෙස ස්ථාපිත කරනු ලැබ ඇත.

එම ආයතනය විසින් වසර 04ක අධ්‍යයන කාලය සම්පූර්ණ කරන සිසුන් වෙත ජාතික ඉංජිනේරු විද්‍යා ඩිප්ලෝමාව ප්‍රදානය කරනු ලබයි. එකී ඩිප්ලෝමාව, ඉංජිනේරු තාක්ෂණ උපාධියක් දක්වා ඉහළ නැංවීම පිණිස වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය හා ජාතික ආධුනික්තව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය විසින් එකඟතාවකට එළඹ ඇති අතර ඒ අනුව මෙම තීරණය ගෙන තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...

අධිකරණයන් තුළ දරුවන්ගෙන් සාක්ෂි විමසීමේදී නව ක්‍රමවේදයක්!

කොළඹ LNW: අපරාධවලට ගොදුරු වූ දරුවන් අධිකරණ පද්ධතිය තුළදී...

ග්‍රන්ථ සැකැස්මේ ක්‍රමවේදය කෘතිය එළිදැක්වේ

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය...