ගෑස් ගැන සම්පූර්ණයෙන්ම ප්‍රමිතිය තීරණය කිරීමේ බලය ප්‍රමිති ආයතනයට! (VIDEO)

Date:

ගෑස් හා ඊට අදාළ උපාංග ගැන ප්‍රමිතිය තීරණය කිරීම මෙන්ම ඒ ගැන අධීක්ෂණය කිරීමේ බලය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත ලබා දීමට කටයුතු කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය ඉතා ඉක්මණින් නිකුත්වනු ඇති බවයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ.

1960න් පසු ගෑස් සම්බන්ධ ප්‍රමිතිය ගැන කිසිදු රාජ්‍ය ආයතනයක් සොයා බැලීමක් කර නොතිබුණු අතර මීට සති කිහිපයකට පෙර පාරිභෝගික අධිකාරිය විසින් ප්‍රමිති ආයතනයට එම බලය ලබා දෙන ලෙස කර තිබෙන ඉල්ලීම ආනයනය අපනයන පාලක වෙත යොමුකර තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව ඊට අදාළ ලිපිය ආනයනය අපනයනය පාලක විසින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට නිකුත් කර ඇති බවද අලගියවන්න මහතා කියා සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...