හදිසි නීතිය පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් !

0
1150

2022 අප්‍රේල් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා හදිසි නීතිය පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාව පුරා මහජන හදිසි අවස්ථා තත්වයක් පැවතීම හේතුවෙන් මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහාත් අත්‍යාවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යෑම සඳහා මෙසේ මහජන ආරක්ෂක පනතේ II කොටසේ විධිවිධාන ක්‍රියාත්මක කරන බවයි එම ගැසට් නිවේදනයෙන් දැක්වෙන්නේ.

හදිසි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවකදී මහජන ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම ස්ථානයකට අවසරයකින් තොරව ඇතුළු වීමට සහ ඕනෑම පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට පොලිසියට බලය ලැබේ. එමෙන්ම එකී පොලිස් බලතල හමුදාවට ද හිමිවීම මෙහි ඇති විශේෂම තත්වයකි.

ජනාධිපතිවරයාට උපරිම මාසයක කාලයක් දක්වා හදිසි නීතිය පැනවිය හැකි අතර ඉන් ඉදිරියට එය දීර්ඝ කිරීමට නම් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුව ඇත.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here