හදිසි නීතිය යටතේ චෝදනාවක් නොමැතිවත් අත්අඩංගුවට ගත හැකියි – ප්‍රතිභා

Date:

රටතුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක රටේ සියලු නීති අභිබවා, රෙගුලාසි අභිබවා මහජන ආරක්ෂක පනත ඉදිරියට පැමිණෙන බව ජ්‍යෙෂ්ට නීතිවේදී, ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසනවා.

කෙසේ නමුත් 1978 ව්‍යවස්ථාවේ මූලික මිනිස් අයිතිවාසිකම් තුන්වැනි පරිච්ඡේදය අභිබවා යාමේ හැකියාවක් මහජන ආරක්ෂක පනතට නොමැති බවයි අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රතිභා මහානාමහේවා මහතා සඳහන් කළේ. ඒ අනුව හදිසි නීතිය පනවා ඇති අවස්ථාවක වුවද ජනතාවගේ භාෂණයේ අයිතිය, රැස්වීමේ අයිතිය, විරෝධය දැක්වීමේ අයිතිය ආරක්ෂා වන බවද ඔහු සඳහන් කරනවා.

හදිසි අවස්ථා රෙගුලාසි ක්‍රියාත්මකව තිබියදී ශ්‍රී ලංකා පොලීසියට සහ යුද හමුදාවට කිසිදු චෝදනාවකින් තොරව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ හැකියාව ලැබෙන බවද මහානාමහේවා මහතා පවසනවා.

කෙසේ නමුත් චෝදනාවකින් තොවර, වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට වදහිංසාවට ලක්වීමෙන් වැළකීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති බවද ඔහු සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04)...

2025 CNCI ජයග්‍රාහක සම්මාන උළෙලේදී HAC රන් සහ ඉහළම ජයග්‍රාහක සම්මාන දිනා ගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : ලංකා ජාතික කර්මාන්ත...

OPA හි සභාපති ලෙස තිසර ද සිල්වා පත් වෙයි(2025/2026)

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : 2025/2026 වර්ෂය සඳහා...

රටම එකට විශේෂ මෙහෙයුමෙන් තවත් 638ක් අත්අඩංගුවට!

කොළඹ LNW:අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් නීතියේ රැහැනට හසුකර ගැනීම...