මහනුවර මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන්ගේ ඉල්ලීම ජනපති ඉටු කරයි!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 05, කොළඹ (LNW):

තම විද්‍යාලයට අඩු පාඩුවක්ව පවතින සුහුරු පන්ති කාමරයක් ලබා දෙන ලෙස සහ ක්‍රීඩා පිටිය නවීකරණය කර දෙන ලෙස මහනුවර මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීම ඉටු කර දීමට ජනාධිපතිවරයා එම අවස්ථාවේම පියවර ගනු ලැබූ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව පාසල් දරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, වරාය නගරය, මහබැංකුව, පාර්ලිමේන්තුව ඇතුළු කොළඹ අවට අධ්‍යාපනික වටිනාකමක් ඇති සුවිශේෂ ස්ථාන නැරඹීම සඳහා අවස්ථාව උදා කර දී ඇත.

අද (05) දින මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 570ක් පමණ එම ක්ෂේත්‍ර චාරිකාවට එක්ව සිටී අතර, ඔවුන් ජනාධිපති මන්දිරය නැරඹීමෙන් අනතුරුව ජනාධිපති කාර්යාලය වෙත පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව හමුවීමට අවස්ථාව ඉල්ලා සිටි බව සඳහන් වේ.

කෙතරම් කාර්යබහුල වුවද ජනාධිපතිවරයා දරුවන් වෙත පැමිණ ඔවුන් සමඟ සුහද කථා බහකට එක්වෙමින් අධ්‍යාපන කටයුතු පිළිබඳව ද සාකච්ඡා කළ අතර, එහිදි සුහුරු පන්තිකාමරයක් ලබා දෙන ලෙසත්, ක්‍රීඩාංගණය නවීකරණය කර දෙන ලෙසත් සිසුන් කළ ඉල්ලීම පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා එම කටයුතු කඩිනමින් ඉටුකර දීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් අතර යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් කඩිනමින් විද්‍යාලයේ ක්‍රීඩාංගණය නවීකරණය කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව පැවසේ.

විද්‍යාලයේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ දක්ෂතා දැක්වූ දරුවන් ඇගයීමට ලක් කිරීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු වූ අහර, පාසලේ අධ්‍යාපන කටයුතු සහ වත්මන් ප්‍රගතිය පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වු අතර ක්‍රීඩා මෙන්ම සිසුන්ගේ විෂයභාහිර ක්‍රියාකාරකම් දියුණු කිරීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද අවධානය යොමු කර ඇත.

මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්.එම්.ආර්.එස්. වීරසේකර මහතා සහ ආචාර්ය මණ්ඩලයේ හා දෙමාපියන් කිහිප දෙනෙකු ද මෙම අවස්ථාවට එක්ව සිටි බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත් සමග එකතු නොවීමේ වන්දිය ගෙවන රනිල්!

අගෝස්තු 23, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ දේශපාලනය බොහෝ කලක...

නිව්යෝර්ක් අධිවේගී මාර්ගයේ සංචාරක බස් රථයක් අනතුරට ලක්වීමෙන් පස් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නිව්යෝර්ක් බෆලෝ...

පොරවල් අතර පොරේ පොර : හරියටම හරියන සුදාගේ අනාවැකි !

යූටියුබ් සුදා හෙවත් සුදත්ත තිලකසිරි ප්‍රසිද්ධියේම කියපු අනාවැකියක් ඊයේ...