තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය අගෝස්තු මස 9 වන සිකුරාදා දක්වා දීර්ඝ වේ!

රෂිකා හෙන්නායක අගෝස්තු 05, කොළඹ (LNW):

අද (05) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට තිබූ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය අගෝස්තු මස 9 වන සිකුරාදා මධ්‍යම රාත්‍රී 12 තෙක් දීර්ඝ කර ඇති බව, නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්, සමන් ශ්‍රී රත්නායක සඳහන් කර ඇත.තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාදවීම සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන එම තීරණය ගෙන ඇත.

ඒ අනුව අයදුම්පත් අගෝස්තු 9 වනදා මධ්‍යම රාත්‍රී 12ට පෙර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත ලැබීය යුතු වේ.

අයදුම්පත් ලැබීමේ දී සිදුවිය හැකි ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා අගෝස්තු 8 සහ 9 යන දෙදින තුළ සම්පූර්ණ කරන තැපැල් ඡන්ද අයදුම්පත් තැපෑලට භාරදීමෙන් වැළකී ඒවා එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන්කර වෙන වෙනම කවරවල බහා සහතික කිරීමේ නිලධාරී කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට අතින් ගෙනැවිත් භාරදීමට කටයුතු කිරීම වඩාත් යෝග්‍ය බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...