තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය අගෝස්තු මස 9 වන සිකුරාදා දක්වා දීර්ඝ වේ!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 05, කොළඹ (LNW):

අද (05) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට තිබූ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය අගෝස්තු මස 9 වන සිකුරාදා මධ්‍යම රාත්‍රී 12 තෙක් දීර්ඝ කර ඇති බව, නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්, සමන් ශ්‍රී රත්නායක සඳහන් කර ඇත.තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාදවීම සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන එම තීරණය ගෙන ඇත.

ඒ අනුව අයදුම්පත් අගෝස්තු 9 වනදා මධ්‍යම රාත්‍රී 12ට පෙර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත ලැබීය යුතු වේ.

අයදුම්පත් ලැබීමේ දී සිදුවිය හැකි ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා අගෝස්තු 8 සහ 9 යන දෙදින තුළ සම්පූර්ණ කරන තැපැල් ඡන්ද අයදුම්පත් තැපෑලට භාරදීමෙන් වැළකී ඒවා එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන්කර වෙන වෙනම කවරවල බහා සහතික කිරීමේ නිලධාරී කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට අතින් ගෙනැවිත් භාරදීමට කටයුතු කිරීම වඩාත් යෝග්‍ය බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුනරුදයට මඟ මහනවර දිස්ත්‍රික් සමාරම්භය අකුරණදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ...

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...