අපේ අපේක්ෂකයා නාමයෝජනා දීලා සතියයි යන්නේ.බලන්න මොකද වෙන්නේ කියල – පොහොට්ටු මහලේකම්

Date:

කොළඹ LNW:09වෙනි විධායක ජනාධිපති ලෙස පත්වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කිරීමට නියමිත අපේක්ෂකයා බව එහි මහ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ අද (06) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒ අනුව එම ජයග්‍රාහී අපේක්ෂකයා හෙට උදෑසන 07.00 වන විට රටටම දැනගැනීමට හැකිවන බවත් එම අපේක්ෂකයා නාමයෝජනා භාරදී සතියක් යනවිට ජනාධිපතිවරණය ජයගන්නේ එම අපේක්ෂකයා විසින් බවට හැමදෙනාම කියනු ඇති බවද කාරියවසම් මහතා කියාසිටියේය.

පක්ෂයක් ලෙස කටයුතු කරන්නේ ප්‍රතිපතති සමඟ මිස් පුද්ගලයින් සමඟ නොවන බවත් රටට ආදරය කරන පිරිස නැවත පක්ෂය සමඟ එකතුවනු ඇති බවද ඔහු සඳහන් කරන ලදී.

මේ අතර වඩාත් විශ්වාසය තබා ඇත්තේ මහජනතාව මත මිස මහජන නියෝජිතයින් මත නොවන බවද ඔහු තවදුරටත් අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...