අභියෝගාත්මක අවස්ථාවේ දී බංග්ලාදේශ ජනතාව සමග හදවතින් බැඳී සිටිනවා – අලි සබ්‍රි

රෂිකා හෙන්නායක අගෝස්තු 06, කොළඹ (LNW):

මේ වනවිට බංග්ලාදේශයේ ඇති වී තිබෙන නොසන්සුන්තාවයෙන් විපතට පත්වූවන්ගේ පවුල්වලට සහ පීඩාවට පත්වූ සියලුදෙනාට බලවත් සංවේගය පළකරන බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසයි.

මෙම අභියෝගාත්මක අවස්ථාවේ දී බංග්ලාදේශ ජනතාව සමග හදවතින් බැඳී සිටින බවත්, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සමග පවතින මිත්‍රත්වය අගය කරන අතර, එහි ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කරන බව, සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කරයි.

බංග්ලාදේශයට සාමය සහ ස්ථාවරත්වය කඩිනමින් නැවත පැමිණෙනු ඇතියි බලාපොරොත්තු වන අතර, ඒ සඳහා ශක්තිය ප්‍රාර්ථනා කරන බවද විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි වැඩිදුරටත් සඳහන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...