නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට එරෙහිව අන්තරේ උද්ඝෝෂණයක!

කොළඹ LNW:ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රෝඪාව වහා හකුළා ගන්නා ලෙස බලකරමින් අද (07) අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රෝඪාව ආණ්ඩුව උත්සහ කරන්නේ නිදහස් අධ්‍යාපන අහිමි කිරීම බවයි අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය අවධාරණය කරන්නේ.

නිදහස් අධ්‍යාපන, නිදහස් සෞඛ්‍ය වනසන කොතලාවල ඇතුළු වෛද්‍ය උපාධි කඩ වහා අහෝසි කරන ලෙස ඔවුන් තවදුරටත් ආණ්ඩුවට බලකර සිටියි.

මෙම උද්ඝෝෂණය සඳහා විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් රැසක් එක්ව සිටි අතර ඔවුන්ට පොලීසියෙන් කඳුළු ගෑස්,ජල ප්‍රහාර එල්ල වීමක් සිදුවූයේ නැහැ.

ඒ අතර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ආරක්ෂක නිලධාරීන් ද නොමැතිවම උද්ඝෝෂණය ඉදිරිපිටට පැමිණ මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් ද සිදුකරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න
.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ඉරාන ගුවන් සමාගම් සදහා සිය ගුවන් අවකාශය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකාව විසින්...

උද්ධමනය සහ පොලී අනුපාතික : ඉදිරියේදී වෙන්නේ මොනවාද ?

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2026 අගෝස්තු මාසයේ උද්ධමනය...

වැසි තත්වයේ වෙනසක් – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන...

කෝටි 30ක මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල රුපියල් කෝටි 30කට අධික වටිනාකමින් යුත්...