*
Friday, October 11, 2024
spot_img

Latest Posts

ක්‍රීඩා ප්‍රේමී ගුවන් හමුදාපතිගේ ගෞරවයට කැළලක් ඇති කරන අයුරෙන් සංවිධානය වන රගර් සහ නෙට්බෝල් තරගාවලියක්

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 09, (LNW) කොළඹ :

ගුවන් හමුදාවේ හමුදාපතිව රොෂාන් ගුණතිලක සිටි සමයේ දී මේ ලියුම්කරු ගුවන් හමුදාවට සම්බන්ධ කළ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාවට විශාල ජයග්‍රහණ ලබා දෙමින් ගුවන් හමුදාව ඉහළින් තැබූහ.එම දක්ෂයන් අදටත් ගුවන් හමුදාව සතුව සිටින අතර මෑතකදි පැවත් වූ ගුවන් හමුදා වර්ණ රාත්‍රියේ දී ද වත්මන් ගුවන් හමුදාපතිවරයා ඒ ඉතිහාසය දැන රටට වටින ක්‍රීඩකයින්ට ඒ වටිනාකම ලබා දෙන බව කියමින් ගුවන් හමුදාවට ක්‍රීඩාවේ දක්ෂයන් සොයා ගන්නට මැදිහත් වෙන ලෙස කීවේය.


මේ සියලු යහපත් කාරණා මැද ගුවන් හමුදාව විසින් සිඳු කරනු ලබන ක්‍රීඩා සැණකෙළියේදී දක්ෂයන් විශාල ප්‍රමාණයකට මඟ හසුරුවමින් ගුවන් හමුදාපකිවරයාගේ කුසලාන වෙනුවෙන් පවත්වන තරගාවලියේ දී එම තරගාවලියට ලැබිය යුතු දීප්තිය හකුළන්නට වගකීම් දරන පිරිස් උත්සාහ කරමින් සිටීම,ගුවන් හමුදාපතිවරයාගේ දැක්මට කරන අගෞරවයක් බව කිව යුතුය.ඉතාම නිහතමානීව දක්ෂතාවලට නිසි වටිනාකමක් දීමේ ගුණයත්,විශේෂයෙන් ක්‍රීඩාවේ දී ඒ තත්ත්වය දියුණු කිරීමේ දැක්ම ඇතිව දක්ෂයන්ට මුළ්‍යමය වශයෙන් පවා අනුග්‍රහ දෙමින් මෙවර ගුවන් හමුදා වර්ණ රාත්‍රියේදී ක්‍රීඩාවට ඇති ආදරය විදහා දැක් වූ ගුවන් හමුදාපතිවරයා වෙනුවෙන් වගකීම් ඉටු කරන්නට ඉදිරිපත් වන නිලධාරීන් හමුදාපතිවරයාගේ ගෞරවයටත් හානි වන සේ හැසිරීම කණගාටුදායකය.


මේ වන විට ශ්‍රී ලංකාවේ රගර් පාලනය ක්‍රීඩා සමාජ කිහිපයක බලයට යටත් කර ගෙන වැඩ කරන්නට යම් ආකාරයකින් අද ඉල්ලා අස් වන්නට යෙදුණු අමාත්‍යවරයාත් යොදා ගනිමින් කරගෙන යන වැඩ පිළිවෙලට හවුල් රගර් සංවිධානය පැවරී ඇති පිරිස් සහ ඊට නායකත්වය දෙන පුද්ගලයින් දක්ෂයින් විශාල පිරිසකට හානි වන අන්දමින් තීරණ ගෙන ඇත.ක්‍රීඩා සමාජ අටකට සමස්ත රගර් හසුරුවන්නට දී තරගයකින් ඉහළ පහළ යාමක් නොවී හැමදාම එම කණ්ඩායම් අට පමණක් ඒ ශ්‍රේණියේ රගර් ගසන්නට හදන උත්සාහයට අභියෝගයන් වෙමින් තියෙන බී ශ්‍රේණියේ සූරයින් වන ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය දැන ගන්නට ඇති පරිදි අමාත්‍යංශයෙන්ද යම් ඉල්ලීමක් පැමිණ තිබියදී මේ තරගාවලියට ඇතුළත් කර ගෙන නැත


එහි හානිය රගර් ක්‍රීඩාවටය.මේ වන විටත් ජාත්‍යන්තර මට්ටමේ ඉහළම ක්‍රීඩකයින් නියෝජනය කරන ශ්‍රී ලයන්ස් වෙත ඩුබායි හී ශ්‍රී ලයන්ස් නමින්ම රගර් කණ්ඩායමක් හිමිය.ඒ මඟ යමින් මෙරට ක්‍රීඩකයින්ට ද වෘත්තීය වටිනාකමක් දී ඔවුන්ව ශ්‍රී ලයන්ස් වෙත බඳවා ගන්නට කටයුත් කර ඇත.එවැන් ක්‍රීඩකයින් හතළිහක් පමණ වෙනුවෙන් විශාල මුදලක් වැය කරමින් සිටියදී එම කණ්ඩායම් කුලකයට ශ්‍රී ලයන්ස් ඇතුළත් කර ගන්නම මේ වන විට ගුවන් හමුදාපති කුසලානයෙන් ඔවුන් ඉවත් කර තබන්නට පියවර ගෙන තිබීම පිළිකුල් සහගත වැඩක්ය.


මේ ආකාරයට සිඳු වන්නේනම් ශ්‍රී ලංකාවේ රගර් වැඩි දියුණුව ලෙස වැඩි වෘත්තීය ක්‍රීඩකයින් ප්‍රමාණයක් එකතු විය යුතු නමුත්,විශේෂයෙන් මෙහි වගකීමට බැඳී සිටින සුභාෂ් වැනි නිලධාරින් කරන්නේ වෙනත් න්‍යාය පත්‍රයකින් බී සූරයින් තමන්ගේ ගොන්නට උසස් වීමට නිර්දය ලෙස බාධා කිරීමය.මේ වන විට ඒ ශ්‍රේණියට උසස් කිරීම දක්වා කොළ පැහැ ලකුණු ශ්‍රී ලයන්ස් වෙතින් පෙනෙන තත්ත්වයක,සංවිධායකයින් කියා ඇත්තේ ඒ බව නොදැන සිටීම නිසා ඇතුළත් කර ගැනීමට කටයුතු නොකළ බවය.
මේ පිටුපස සිටින්නේම මේ වන විට රගර් ව්‍යවස්ථාව වෙනස් කරමින් ක්‍රීඩා සමාජ කිහිපයක බලයට යටත් කර ගනිමින් පළමු පෙළ ක්‍රීඩා සමාජ බූදලයක් ලෙස ක්‍රීඩා සමාජ කිහිපයක භාවිතයට යොදා ගන්නට හැදීමට උත්සාහ කරන විවිධ චෝදනාවන්ට නම් වී ඇති පිරිස්ය.ගුවන් හමුදාවේ රගර් සංවිධානය වගකීම් පවරා,තරගාවලියේ සංවිධානයට කැඳවා ඇත්තේ රගර් ව්‍යවස්ථාවේ මෙන්ම ක්‍රීඩා පණතේ ද වගන්ති උල්ලංඝණය කරමින්,යම් යම් අයගේ බලය මත රැස් විහිඳුවා වැරදි ලෙස හැසිරෙන්නට ලැබෙන ඒ ඉඩ ආශිර්වාදයක් සහ ආඩම්බරයක් ලෙස සළකන පිරිස්ය.
මෙය රටේ ත්‍රවිධ හමුදාවට අයත් ප්‍රදානියෙකුගේ නම භාවිතා කරමින් කරන තරගාවලියක් නිසා ඔහුගේ කීර්ති නාමයට හානි වන අයුරෙන් තමන්ට බලය පැවරුණු විට හැසිරීමකි.විශේෂයෙන් භාහිර පුද්ගලයන්ගෙන් ද නිහතමානීව තමන්ගේ හමුදාවේ ක්‍රීඩාවේ ජීවගුණය සහ ශක්තිය වැඩි කර ගැනීමට මෙන්ම,අවසානයේ ක්‍රීඩාවෙන් ජයග්‍රාහී රටක් නිර්මාණය වෙනු දැකීම තමන්ගේ අභිප්‍රාය බව සිතන නායකයෙකුගේ නමින් කරන කුසලානයකදී වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයින් හතළිහක් පමණ නඩත්තු කරන ක්‍රීඩා සමාජයකට කේෂ්ත්‍රය එපා කරවීමට දරණ උත්සාහයක් ලෙස මේ තත්ත්වය ක්‍රියාත්මක වනු දැකීම,ක්‍රීඩාව සම්බන්ධයෙන් එවැනි පහත් හැඟීමක් ගෑවී හෝ නැති පුද්ගලයෙකුගේ කීර්තිය පළුඳු කිරීමකි.
එසේම ශ්‍රී ලයන්ස් යනු ලංකාවේ මෙන්ම ඩුබායි හී ද ඉහළම වෘත්තීය මට්ටමකින් දැල් පන්දු ක්‍රීඩාව පවත්වාගෙන යන ක්‍රීඩා සමාජයකි.මෑතකදී ශ්‍රී ලංකාවේ පැවති එවැනි වෘත්තීය මට්ටමේ තරගාවලියකදී සූරියන් වන්නට සමත් වුණේ ද ගුවන් හමුදා නෙට්බෝල් බලකාය ය

.එහිදි දක්ෂතම ක්‍රීඩිකාව වූ වූයේ ද ශ්‍රී ලංකා නෙට්බෝල් ක්‍රීඩාවට මෙන්ම ගුවන් හමුදා නෙට්බෝල් ක්‍රීඩාවට ද අකි විශාල සේවයක් කළ,ආසියානු කුසලානයක් ලංකාවට ගෙනා නායිකාවක වන ගුවන් හමුදාවේ චතුරංගි ජයසූරියය.ඒ නිසා ඩුබායි හී පැවත්වෙන වෘත්තීය නෙට්බෝල් ලිගයට එරට ශ්‍රී ලයන්ස් වෙනුවෙන් ක්‍රීඩා කරන්නට ද චතුරංගි ට අවස්ථාව උදා වී ඇත.
එහෙත් මේ වන විටත් මේ මොහොතේ නෙට්බෝල් තරගාවලිය භාරව සිටින පද්මිනී හොරණගේ ශ්‍රී ලයන්ස් ඉල්ලීමට අවධානය යොමු කර නැත.

මේ තත්ත්වය ඉතා නරක වන්නේ රටේ පිළිගත් කීර්තිමත් නිල චරිතයක් සහ එම චරිතය ප්‍රභාමත් කරන ඉහළ නිලධාරියෙක්ගේ නමට ඈදී තිබෙන තරගාවලයකදී මේ ආකාරයෙන් දක්ෂයන් කොන් කර දැමීමය.ඒ නිසාම සිය නම යොදා ගනිමින් කරන තරගාවලියකදී මේ ආකාරයෙන් දක්ෂයන්ගේ තැන කප්පාදු කිරීමට මෙන්ම දක්ෂයන් ගණනාවකගේ වෘත්තීය පැවත්ම නැති කරමින් මෙරට ක්‍රීඩාවට මිලියන ගණනෙන් ආයෝජනය කරන්නට සූදානම් වන සංවිධානයක් නිහඬ කිරීමට තමන්ගේ වෙනත් උවමනාවන් පදනම් කරගෙන වගකීම් පැවරුණු අය කටයුතු කරන බව ගුවන් හමුදාපතිවරයා දැනගත යුතුය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan